Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය කනිෂ්ට වොලිබෝල් ශූරයෝ එති

ඉන්දීය කනිෂ්ට වොලිබෝල් ශූරයෝ එති

editorial - 2023 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

( කටුනායක ටී. කේ. ජී. කපිල)

ඉන්දීය කනිෂ්ඨ වොලිබෝල් පිරිමි ශූරතාවය දිනූ තමිල්නාඩු ප්‍රාන්තයේ වොලිබෝල් කණ්ඩායම තරග 05 කින් සමන්විත තරගාවලියකට සහභාගී වීම සදහා අද දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔව්හු මෙම සංචාරයේදී දිස්ත්‍රික්ක පහක තරග වදිති. ඒ අනුව  අප්‍රේල් 01 වැනිදා ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව රදාවාන පොදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කළුතර දිස්ත්‍රික් පිලට එරෙහි තරගය 02 වැනිදා හොරණ මහජන ක්‍රීඩාංගණයේදීත්, යාපනය දිස්ත්‍රික් පිලට එරෙහි තරගය 04 වැනිදා පූතූර් මහජන ක්‍රීඩාංගණයේදීත්, වව්නියා දිස්ත්‍රික් පිලට එරෙහි තරගය 05 වැනිදා වව්නියාව නගර සභා ක්‍රීඩාංගණයේදීත්, කුරුණෑගල දිස්ත්‍රික් පිලට එරෙහි තරගය 06 වැනිදා දඹදෙණිය මහජන ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.

නිලධාරීන් සහ පුහුණුකරුවන් ඇතුළු 17 දෙනෙකුගෙන් මෙම වොලිබෝල් කණ්ඩායම සමන්විතය.

මෙම කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න, ශ්‍රී ලංකා වොලිබෝල් සමසම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක, වොලිබෝල් සම්මේලනයේ උප සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් මහේෂ් අබේරත්න ඇතුළු නිලධාරී පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.

(ඡායාරූපය - කටුනායක ටී. කේ. ජී. කපිල)


අදහස් (0)

ඉන්දීය කනිෂ්ට වොලිබෝල් ශූරයෝ එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.