ඉන්දියාව සහ එංගලන්තය අතර මේ මස 25 වැනිදායින් ආරම්භ වන තරග 5 කින් සමන්විත එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කර ඇති ඉන්දීය සංචිතයට තවමත් එක්දින වරම් දිනා නැති සංජු සැම්සන් සහ කරන් ශර්මා ඇතුළත් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
කී‍්‍රඩකයන් 17 දෙනකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකයා වශයෙන් මහේන්ද්‍ර සිං දෝනි නම් කර තිබෙන අතර ඔහු මෙම තරගාවලියට සහභාගී වන්නේ බංග්ලාදේශය සමග පැවැති තරගාවලියට සහභාගී නොවී විවේක ගැනීමේන් අනතුරුවය.
ඉන්දීය කේරල ප‍්‍රාන්ත කණ්ඩායමේ කඩුලූ රකින්නා වශයෙන් කටයුතු කරන 19 හැවිරිදි සංජු සැම්සන්, මේ වසරේ පැවති වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ කී‍්‍රඩකයෙකු වන අතර ඉන්දීය පි‍්‍රමියර ලීග් තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් පිල නියෝජනය කරමින්ද දස්කම් දැක්වීය. මැතකදී ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයක නිරත වූ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම නියෝජනය කිරීමටද වරම් දිනාගත් සංජු සැම්සන්, එහිදී තරග 7 කට සහභාගී වී ලකුණු 244 ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
පා දඟ පන්දුයවන තුන් ඉරියව් කී‍්‍රඩකයකු ලෙස සැළකෙන කරන් ශර්මා, එම ඕස්ටේ‍්‍රලියානු සංචාරයේ නිරත වූ ඉන්දීය ‘ඒ’ කණ්ඩායමේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්වූ අතර එහිදී තරග 6 කට සහභාගී වෙමින් ඔහු බිඳහෙළු කඩුලූ ගණන 14 කි. ඊට කඩුලූ 5 බැගින් බිඳහෙළු අවස්ථාවක්ද ඇතුළත් විය. ඉන්දීය පි‍්‍රමියර ලීග් තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල නියෝජනය කළ කරන් ශර්මා, එහිදී කඩුලූ 15 ක් බිඳහෙළුවේ එහි එක් කඩුල්ලක සාමාන්‍ය 25.06 ක් ලෙස රඳවා ගනිමනි.
ඉන්දීය එක්දින සංචිතය
මහේන්ද්‍ර සිං දෝනි (නායක), විරාට් කෝලි, ශිකර් ධවාන්, රෝහිත් ශර්මා, අජක්‍යා රහනේ, සුරේෂ් රයිනා, රවින්ද්‍ර ජදේජා, රවිචන්ද්‍රන් අශ්වින්, ස්ටවර්ට් බිනී, බුවනේෂ්වර් කුමාර්, මොහොමඞ් සාමි, මෝහිත් ශර්මා, අම්බටි රයිඩු, උමේෂ් යාදව්, දවාල් කුල්කර්නි, සංජු සැම්සන්, කරන් ශර්මා
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.