Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දියාව-ස්කොට්ලන්තය ශ්‍රී ලංකාව පරදවයි

ඉන්දියාව-ස්කොට්ලන්තය ශ්‍රී ලංකාව පරදවයි

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක් වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ අද (5 වැනිදා) පැවැති මූලික වටයේ තරගවලදී ඉන්දියාව සහ ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්විය.

ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරගය 4-1 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, ඉන්දියාවට එරෙහිව පැවැති තරගය පරාජයට පත් වූයේ 5-0 ක් ලෙසිනි. එම මිශ්‍ර කණ්ඩායම් තරගයක් පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ලෙස තරග 5 කින් සමන්විත විය.

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවැති තරගයේදී වට 2-1 ලෙස මිශ්‍ර යුගල තරගය ජයගැනිමට සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා සමත් වූහ. එහෙත් සෙසු තරග 4 පරාජයට පත්වීම නිසා එහිදී ශ්‍රී ලංකාවට 4-1 ක පරාජයක් අත්විය. එම තරග 4 න් 3 කදීම ශ්‍රී ලංකාවට වට 2-0 ක පරාජයන් අත්වූ අතර කාන්තා යුගල තරගයේදී පමණක් ප්‍රතිවාදීන්ට එරෙහිව එක් වටයටක් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදීද මිශ්‍ර යුගල තරගය හැරෙන්නට සෙසු තරග 4 දීම ශ්‍රී ලංකාවට වට 2-0 ක පරාජයන් හිමිවිය. එහිදී මිශ්‍ර යුගල තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් නමුත් අවසානයේදී ශ්‍රී ලංකාවට ඉන් 2-1 ක පරාජයක් හිමිවිය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තරගය

මිශ්‍ර යුගල
ප්‍රනාව් චෝප්රා සහ රුත්විකා ගඞ්ඩි (ඉන්දියාව) විසින් වට 2-1 ක් ලෙස සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/15, 19/21, 22/20)

පිරිමි කේවල
ශ්‍රීකාන්ත් කිඩම්බි (ඉන්දියාව) විසින් වට 2-0 ක් ලෙස නිලූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/16, 21/10)

පිරිමි යුගල
සත්වික් රැන්කිරෙඞ්ඩි සහ චිරාග් චන්ද්‍රශේඛර් (ඉන්දියාව) විසින් වට 2-0 ක් ලෙස දිනූක කරුණාරත්න සහ බුවනෙක ගුණතිලක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/17, 21/14)

කාන්තා කේවල
සයිනා නේවාල් (ඉන්දියාව) විසින් වට 2-0 ක් ලෙස මධුෂිකා දිල්රුක්ෂි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/8, 21/4)

කාන්තා යුගල
අෂ්විනි පොන්නප්පා සහ සික්කි රෙඞ්ඩි (ඉන්දියාව) විසින් වට 2-0 ක් ලෙස තිළිණි හෙන්ඳහේවා සහ කවිඳි සිරිමාන්නගේ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/12, 21/14)

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවැති තරගය

මිශ්‍ර යුගල
සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා (ශ්‍රී ලංකාව) විසින් වට 2-1 ක් ලෙස ඇලෙක්සැන්ඩර් ඩූන් සහ එලීනා ඕ’ඩොනෙල් (ස්කොට්ලන්තය) පරාජය කරන ලදහ. (21/17, 21/16, 27/25)

පිරිමි කේවල
කිරන් මෙරිලීස් (ස්කොට්ලන්තය) විසින් වට 2-0 ක් ලෙස නිලූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/14, 21/17)

කාන්තා කේවල
කිස්ටි ග්ලිමෝර් (ස්කොට්ලන්තය) විසින් වට 2-0 ක් ලෙස හසිනි අම්බලන්ගොඩ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/5, 21/5)

පිරිමි යුගල
ඇලෙක්සැන්ඩර් ඩූන් සහ ආදම් හෝල් (ස්කොට්ලන්තය) විසින් වට 2-0 ක් ලෙස දිනූක කරුණාරත්න සහ බුවනෙක ගුණතිලක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/16, 21/16)

කාන්තා යුගල
කිස්ටි ග්ලිමෝර් සහ ජූලි මැක්පර්සන් (ස්කොට්ලන්තය) විසින් වට 2-1 ක් ලෙස තිළිණි හෙන්ඳහේවා සහ කවිඳි සිරිමාන්නගේ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (18/21, 21/9, 21/9)

-036

 


අදහස් (0)

ඉන්දියාව-ස්කොට්ලන්තය ශ්‍රී ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.