Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දියාවට ලකුණු 445 ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 445 ක ඉලක්කයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සදම්ප්ටන්හි රෝස් බෝල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි තරගයේ සිවුවැනි දිනය වන අද (30) දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට ජයග‍්‍රහණය සදහා ලකුණු 445 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ඉන්දීය පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 112 ක් ලබා සිටියේය.

සිවුවැනි දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට අජින්යා රහනේ (නොදැවී 18) සහ රෝහිත් ශර්මා (නොදැවී 06) පන්දුවට පහර දෙමින් සිටියහ.

එංගලන්ත පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 205 ක් රැස්කරමින් ලකුණු 445 ක ඉලක්කයක් ඉන්දියාවට බාර කළේය.

තෙවැනි දිනය අවසන් වන විට කඩුලූ 8 ක් දැවී ලකුණු 323 ක් ලබා සිටි ඉන්දීය පළමු ඉනිම අද පෙරවරුවේ ලකුණු 330 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

වේග පන්දු යවන ජේම්ස් ඇන්ඩසන් ලකුණු 53 කට කඩුලූ 5 ක් දවා ගත්තේය.

එංගලන්ත පිල පළමු ඉනිම  ඕවර 163.4 කදී කඩුලූ 7 ට 569 සහ දෙවැනි ඉනිම  ඕවර 40.4 කදී කඩුලූ 4 ට 205
(සාම් රොබින්සන් 13, ඇලෙස්ටියාර් කුක් 70, ගැරී බැලන්ස් 38, ඉයන් බෙල් 23, ජෝ රූට් 56, රවින්ද්‍ර ජඬේජා 52/3)

ඉන්දීය පිල පළමු ඉනිම  ඕවර 106.1 කදී සියලූ දෙනා දැවී 330
(මුරලි විජේ 35, චෙටෙෂ්වර් පුජාරා 24, විරාට් කෝලි 39, අජින්යා රහනේ 54, රෝහිත් ශර්මා 28, මහේන්ද්‍ර සිං දෝනි 50, රවීන්ද්‍ර ජඬේජා 31, බුවනේෂ්වර් කුමාර් 19, ස්ටුවට් බ්‍රෝඞ් 66/3, ජේම්ස් ඇන්ඩසන් 53/5, මුයින් අලී 62/2)

දෙවැනි ඉනිම  ඕවර 42 කදී කඩුලූ 4 ට 112
(මුරලි විජේ 12, ශීකර් දාවන් 37, විරාට් කෝලි 28, අජින්යා රහනේ නොදැවී)
 

048


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 445 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.