එළඹෙන ජුනි මාසයේ ඉන්දියාවේ බැංගලෝර්හීදී ආරම්භ වීමට නියමිත ඉන්දීය - ඇෆ්ඝනිස්තානු මංගල ටෙස්ට් තරගය සදහා සහභාගී වීමට ඉන්දීය නායක විරාට් කෝලි ඇතුලු ප්‍රවීන ක්‍රීඩකයන් රැසකට නොහැකි වනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.
මේ නිසා ඇෆ්ඝනිස්තානයේ ඓතිහාසික ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ඉන්දියාවේ නවක ක්‍රිඩකයන් 8 දෙනෙකුට පමණ අවස්ථාව හිමි විය හැකි බවත් වාර්තා වේ.
ශ්‍රී ලංකාවේදී පසුගියදා අවසන් වූ නිදහස් කුසලාන තරගාවලියේ දක්ෂතා අතර සිටි ක්‍රීඩකයන්ට මෙම තරගයේදී වැඩි අවස්ථාවක් හිමිවිය හැකි බවත් ඉන්දිය පාලක කමිටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ලබන ජුනි මාසයේ ආරම්භ වීමට නියමිත එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සිය කැමැත්ත පළකර ඇති අතර රවිචන්ද්‍රන් අශ්වින්ද මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් පසු එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායමක් සමග ගිවිසුමකට එළැඹීමට නියමිතය. චෙටේස්වර් පුජාරා (යෝක්ෂයර්) සහ ඉෂාන්ට් ෂර්මා (සසෙක්ස්) දැනටමත් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරති.
අජින්ක්‍යා රහානේ, මුරලි විජේ, ශිකාර් ධවාන්, බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රා යන ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය තවමත් සැක සහිතය. මේ නිසා ඉන්දීය කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රිඩකයන් 6 ත් 9ත් අතර ප්‍රමාණයක් මේ තරගය සදහා ක්‍රීඩා නොකරනු ඇත. බොහෝ දුරට ඇෆ්ඝනිස්ථානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගය සදහා ඉන්දියාව නවක ක්‍රීඩකයන්ගෙන් යුතු කණ්ඩායමක් ඉදිරිපත් කරනු ඇතයි විදෙස් වාර්තා වේ.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.