Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර පැවැත්වෙන 117 වැනි ‘රුහුණු නිල් මහ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (24 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත තෝමස් විදුහල කඩුලු 2 ක් දැවී ලකුණු 4 ක් ලබා සිටියේය.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ තිලාන් ප්‍රෂාන්, අද තරගය නතර කිරීමට පෙර ක්‍රීඩකයන් දෙදෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට හරවා යවමින් ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම අසීරු තත්ත්වයකට ඇද දැමුවේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සර්වේශස් විදුහල් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 207 ක් රැස්කළ අතර එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට තිලාන් ප්‍රෂාන් (51) සමත් විය. සුපුන් කාවින්ද ලකුණු 48 ක් ලබා සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී තෙදින තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශාන්ත තෝමස් විදුහල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශාන්ත සර්වේශස් විදුහලට ආරාධනා කර සිටියේය.
ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම - ඕවර 76.4 කදී සියලු දෙනා දැවී 207
(සුපුන් කාවින්ද 48, තිලාන් ප්‍රෂාන් 51, මුදිත අෂාන් 36, සෂික දුල්ෂාන් 21, මලීෂ සදුෂ්ක 24/3, හෂින් දුල්මන් 64/2, ප්‍රවීන් මදුෂාන් 38/2, ළහිරු දිල්ෂාන් 28/2)
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 10.5 කදී කඩුලු 2 ක් දැවී 4
(තිලාන් ප්‍රෂාන් 01/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.