Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉතාලි කරාටේ තරගාවලියේදී නිශාන්ත රිදී පදක්කමක් දිනයි

ඉතාලි කරාටේ තරගාවලියේදී නිශාන්ත රිදී පදක්කමක් දිනයි

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉතාලියේ පොන්සානෝ නුවර පැවති ගුඞ්විල් ජාත්‍යන්තර කරාටේ තරගාවලිය 2014 කිලෝග්ම් 70 ට අඩු බර පන්තිය  කුම්තේ ඉසව්වෙන් තරග කර  රිදී පදක්කමක් දිනා ගැනීමට  ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ඩබ්ලිව්.ආර් නිශාන්ත ලෝව් සමත් විය.

තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාව, රුමේනියාව, ඊශ‍්‍රායලය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය, ස්ලෝවේනියාව සහ ඔසට‍්‍රියාව  යන රටවල් හයක  ක‍්‍රීීඩක ක‍්‍රීඩිකාවෝ 1200  ක් පමණ සහභාගි වුහ.

තරගාවලිය  පසුගියදා  ඉතාලියේ පොන්සානෝ නුවර පාලච්චිකොන්යා ගෘහස්ථ ක්රීවඩාංගනයේදී පැවැත්විණි.

ලෝව් ඉතාලියට පැමිණීමට පෙර ශ‍්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක‍්‍රීඩකයෙකු වන අතර ඔහු  ඉතාලියේ පදිංචි  ශ‍්‍රී ලාංකිකයෙකු වන ඉතාලියේ ජාතික ඔලිම්පික් කමිටුවේ අනුමත  ජාත්‍යන්තර විනිසුරුවරයෙකු  සහ කරාටේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන සඳුන් ලක්සිරි  යටතේ පුහුණුව  ලබයි.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන ලෙස ඉතාලි ජාතික ඔලිම්පික්  කම්ටුවේ ක‍්‍රීඩා  ‘එන්ඩාස්‘ දෙපාර්තමේන්තුව විසින්  ශ‍්‍රී ලංකාවේ  ‘ජිකෝ‘ ජාතික කරාටේ කණ්ඩායමට කර තිබු ආරාධනාවක් මත මෙරට  ජාතික තලයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හය  දෙනෙක් ඇතුළු නිලධාරීන්  තිදෙනෙක් තරගාවලිය සඳහා  සහභාගී විමට  නියමිතව තිබුණි.

එසේ වුවද  විවිධ හේතු මත ශ‍්‍රී  ලාංකා කණ්ඩායමට තරගාවලිය සඳහා මෙරටින් පිටත්ව යාමට නොහැකි වීම නිසා යුරෝපීය තරගාවලියක් නියෝජනය කිරීමට තිබු  අනගි අවස්ථාවක් මෙරට  ක‍්‍රීඩකයන්ට අහිමි විය.

කෙසේ උවත් ශ‍්‍රී ලංකාවට මෙම අනගි අවස්ථාව ලබා දීම සඳහා ඉතාලි රජය සමග මැදහත්කරුවෙකු ලෙස කටයුතු කළ ඉතාලි  කරාටේ සම්මේලනයේ ප‍්‍රධාන විදායක නිලධාරියෙකු ලෙස කටයුතු කරන සඳුන් ලක්සිරි  ඉතාලියේ සිටින ශ‍්‍රී  ලාංකික කරාටේ ක‍්‍රීඩකයන් කිහිපදෛනකු තරගාවලිය සඳහා සහභාගී කරවීමට  සමත් වීම නිසා මෙලෙසින් හෝ  ශ‍්‍රී ලංකාවට කීර්තියක් ලබා දිමට හැකි වීම විශේෂත්වයකි.


අදහස් (1)

ඉතාලි කරාටේ තරගාවලියේදී නිශාන්ත රිදී පදක්කමක් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.