වයස 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (28 වැනිදා) අබුඩාබිහිදී පැවැති තරගයෙන් කඩුලූ 3 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.
ලකුණු 192 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලූ 7 ක් දැවී එම ඉලක්කය පසුකර යෑමට සමත්වූ අතර එහිදී වැඩිම ලකුණු ලාභියාවූ ශහිඩුල්ලා ලකුණු 47 ක් රැස්කළේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු හෂාන් පතිරණලගේ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 61 ක් රැස්කිරීමට සමත්විය. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සියාවුර් රෙහෙමාන් ලකුණු 33 කට කඩුලූ 5 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 191 කට සීමාකළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක ප‍්‍රියමාල් පෙරේරා ලකුණු 47 ක් රැස්කරමින් සහ ලකුණු 37 කට කඩුලූ 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලූ 9 කට 191
(හෂාන් පතිරණලගේ 61, සදීර සමරවික‍්‍රම 31, ප‍්‍රියමාල් පෙරේරා නොදැවී 47, අනුක් ප‍්‍රනාන්දු 19, සියාවුර් රෙහෙමාන් 33/5, ශරෆුදීන් අෂ්රෆ් 30/2)
ඇෆ්ගනිස්තාන කණ්ඩායම - ඕවර 47.3 කදී කඩුලූ 7 කට 192
(ශහිඩුල්ලා 47, යුනාස් අහමඩාසි 36, මුස්ලිම් මූසා 29, නසීර් අහමඩාසි නොදැවී 28, ශරෆුදීන් අෂ්රෆ් නොදැවී 15, පි‍්‍රයමාල් පෙරේරා 37/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.