අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල ශාන්ත ඇල්වීසියස් විදුහල සහ ගාල්ල ධර්මාශෝක විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ඇල්වීසියස් විදුහල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය ඇල්වීසියස් විදුහල තරගය නිමා කරන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 40 ක් රැස්කරගෙන සිටියේය.
සජිත් සංකල්ප, ධර්මාශෝක විදුහල වෙනුවෙන් ලකුණු 96 කට කඩුලූ 7 ක් දවාගත් අතර රවීන් තරිඳු, ඇල්වීසියස් විදුහල වෙනුවෙන් ලකුණු 43 කට කඩුලූ 6 ක් දවාගත්තේය.
ධර්මාශෝක විදුහල පළමු ඉනිම - ඕවර 42.2 කදී සියලූ දෙනා දැවී 93
(සචින් දිවංගන 23, සජිත් සංකල්ප 28/3, සචින් ජයරාජ් 13/2, ප‍්‍රබෝධන මධුෂංක 13/2, ගිහාන් නිරොෂන් 17/2)
ඇල්වීසියස් විදුහල පළමු ඉනිම - ඕවර 64.4 කදී සියලූ දෙනා දැවී 118
(නවිඳු නිර්මාල් 29, රවීන් තරිඳු 43/6, උෂාන් ඉමන්ත 46/2)
ධර්මාශෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 38 කදී කඩුලූ 6 ක් දැවී 190
(රවීන් තරිඳු නොදැවී 43, හසිඳු විදර්ෂණ 37, සජිත් සංකල්ප 68/4)
ඇල්වීසියස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 22.2 කදී කඩුලූ 3 ක් දැවී 40
(කසුන් මධුරංග 5/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.