Last Update  :  2025-12-14 21:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇමති ජනපති - අගමැති උපදෙස් සොයයි

ඇමති ජනපති - අගමැති උපදෙස් සොයයි

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය කල් දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ සාකච්ඡ කිරීමෙන් පසුව බව ක‍්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා පවසයි. කොළඹ කී‍්‍රඩා අමාත්‍යංශයේදී අද (2 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡවකදී ඇමතිවරයා මේබව පැවසීය.

ඒ සම්බන්ධයෙන් තමන්ට තනි මතයකට පැමිණිය නොහැකි බැවින් ඔවුන් සමඟ සාකච්ඡ කර ඒ පිළිබඳව තීරණයක් ගන්නා බව පැවසූ කී‍්‍රඩා ඇමැතිවරයා කෙසේ වුවත් ක‍්‍රිකට් නිලවරණය කල් දමන්නේ නම් එය එළඹෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාවේ යහපත කෙරෙහි අවධානය යොමු කරමින් ගන්නා වූ තීරණයක් වන බවද අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මාර්තු 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුය.

223


අදහස් (0)

ඇමති ජනපති - අගමැති උපදෙස් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.