Last Update  :  2024-04-28 19:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇන්ඩි මොරිසන්ට සේවා දිගුවක්

ඇන්ඩි මොරිසන්ට සේවා දිගුවක්

editorial - 2023 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණු උපදේශක ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන් මහතාගේ සේවය වසර 2025 දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා ‘‘ලංකාදීප’’යට පැවසුවේ කොළඹදී පසුගිය ඔක්තෝබර් 17 වැනිදා පැවැති ලෝක කුසලාන (2026) සුදුසුකම් තරග වටයේ යේමනය සමඟ දෙවැනි තරගය සමකිරීමට සමත්වීම සැලකිල්ලට ගනිමින් ඔහුගේ සේවය දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.

වසර 2025 දී පැවැත්වෙන මීළඟ දකුණු ආසියානු ශූරතා පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකාවට දිනාදීම එහිදී ඔහුට ඊළඟට ලබාදී තිබෙන ප්‍රධානතම ඉලක්කය වී තිබේ. එසේ වුවහොත් ශ්‍රී ලංකාව දකුණු ආසියානු පාපන්දු කුසලාන දිනාගන්නේ වසර 30කට පසුවය.

පසුගිය වසර 2022 මැයි මාසයේදී මෙම විදේශීය පාපන්දු පුහුණුකරු පළමුවරට ශ්‍රී ලංකාවේ සේවයට කැඳවූ අතර කෙසේ වුවත් එයින් පසුව දිගින් දිගටම ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පැනනැගුණු පරිපාලන අර්බුද හමුවේ ඔහු ශ්‍රී ලංකාවේ සේවයෙන් අතරමග ඉවත්ව ගියේය.

කෙසේ වුවත් මේ වනවිට ඔහු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සේවය ලබාදෙමින් මෙරට රැඳී සිටින අතර ශ්‍රී ලංකා සහය පුහුණුකරු උපදේශක බ්‍රිතාන්‍ය ජාතික කීත් ස්ටීවන් මහතාගේ සේවයද තවදුරටත් ලබාගැනීමට පාපන්දු ආයතනය තීරණය කර ඇත.

කටාර් ‘‘ඇස්පයර්’’ ජාත්‍යන්තර පාපන්දු ඇකඩමියේ අනුග්‍රාහයෙන් ශ්‍රී ලංකා පාපන්දු ආයතනය රුපියල් කෝටි 29කට ආසන්න පිරිවැයක් දරණ ජාතික පාපන්දු පුහුණු සැලැස්මක් මේ වනවිට කෙටුම්පත් කර ඇත.

නාමල් පතිරගේ

අදහස් (0)

ඇන්ඩි මොරිසන්ට සේවා දිගුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.