Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇඩම්ස් - ආතර් - ක්ලූස්නර් ඉදිරියෙන්

ඇඩම්ස් - ආතර් - ක්ලූස්නර් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුුකරු ධූරය සඳහා කැඳවන ලද අයැදුම්පත් අතරින් එංගලන්ත ජාතික කි‍්‍රස් ඇඩම්ස්, දකුණු අප‍්‍රිකාවේ මිකී ආතර් සහ ලාන්ස් ක්ලූස්නර් යන මහත්වරුන්ගේ ඉල්ලූම්පත් සඳහා ප‍්‍රමුඛතාවක් ලැබී ඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුුහුණුකරු තනතුරු සඳහා අයඳුම්පත් භාර ගැනීම ඊයේ (10 දා) වැනිදා අවසන් වූ අතර එහිදී විදේශිකයන්ගෙන් ඉල්ලූම්පත් 13 ක් පමණ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබී තිබේ. කිසිදු ශ‍්‍රී ලාංකික පුහුණුකරුවෙකු එම තනතුර සඳහා ඉල්ලූම් කර නැති වීමද කැපී පෙනේ.

ශී‍්‍ර ලංකා පිලේ එංගලන්ත සංචාරයේදී උපදේශකයකු ලෙස කටයුතු කළ ක‍්‍රිස් ඇඩම්ස් මහතා එම තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට දුන් උපදේශ පිළිබඳව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වගවයුතු පාර්ශ්ව සතුට පළ කර තිබීම මත ඔහුට මෙම තනතුර පිරිනැමීමට වැඩි අවස්ථාවක් පවතින බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් දකුණු අප‍්‍රිකානු සහ ඔස්ටේ‍්‍රලියානු ජාතික කණ්ඩායම්වල පුහුණුකරුවකු ලෙස කටයුතු කර ඇති මිකී ආතර් මහතාද ඇඩම්ස් මහතා සමග අදාළ තනතුරට ඉදිරිපත්වී තිබේ. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු තනතුර සඳහාද අයැදුම්පත් කැඳවා ඇති බැවින් ඒ සඳහා බොහෝ දුරට දකුණු අප‍්‍රිකානු පිලේ හිටපු තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන ලාන්ස් ක්ලූන්සර් කැමැත්තෙන් පසුවන බවද වාර්තා වේ.

මේ වන විට 44 වන වියේ පසුවන ක‍්‍රිස් ඇඩම්ස් මහතා එංගලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග පහකට සහ එක්දින තරග පහක් නියෝජනය කළ ක‍්‍රීඩකයෙකි.  ඇඩම්ස් පළමු පෙළ තරග 331 කදී ශතක 48 ක් ලබා ඇති අතර යෝක්ෂයර් කණ්ඩායමේ නායකයා සහ සරේ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කර තිබේ.


- 033

 


අදහස් (5)

ඇඩම්ස් - ආතර් - ක්ලූස්නර් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.