Last Update  :  2024-04-27 19:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු ශූරි තරුෂිගෙන් පාසල් තරග වාර්තාවක්

ආසියානු ශූරි තරුෂිගෙන් පාසල් තරග වාර්තාවක්

editorial - 2023 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස පිටියේදී දැන් පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ (2023) වඩාත්ම අවධානය දිනාගත් තරගකාරිය බවට පත්ව සිටින ආසියානු ක්‍රීඩා හා ආසියානු ශූරතා රන් පදක්කම්ලාභිනි තරුෂි දිල්සරා කරුණාරත්න ඊයේ (24 වැනිදා) මීටර 400 (බාලිකා - වයස 20න් පහළ) ඉසව්වෙන් තත්පර 53.22 කට ඉසව්වේ නව වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය.

මෙය පසුගිය වසරේදී ඇය විසින්ම තත්පර 54.22කට පිහිටුවා තිබෙන ඉසව්වේ වාර්තාව බිඳ දැමීමකි.

ආසියානු රන් පදක්කම්ලාභී ධාවන ශූරියක් මෙරට පාසල් තරගාවලියකට සහභාගි වී සිටීම දුර්ලභ සිදුවීමකි. කෙසේ වුවත්, ඇය එහිදී ඉසව් හතරකට තරග වදින අතර, අද ඇය සිය ප්‍රධානතම ඉසව් වන මීටර 800 (බාලිකා) හා මීටර 4x400 (බාලිකා) මූලික වට සඳහා සහභාගි වීමට නියමිතය.

වයස් කාණ්ඩ හතරකට අයත්, ඉසව් 150කට වැඩි ගණනක් පැවැත්වෙන මෙම තරගාවලියේ ඊයේ දෙවැනි දිනය නිමා වන විට බිහිව තිබූ නව වාර්තා ගණන අටකි.

තරගාවලිය සිකුරාදා (27 වැනිදා) දක්වා පැවැත්වේ.


අදහස් (0)

ආසියානු ශූරි තරුෂිගෙන් පාසල් තරග වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.