Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට 7 ක් ටෂ්කන්ට් යති

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට 7 ක් ටෂ්කන්ට් යති

editorial - 2023 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

උස්බෙකිස්ථානයේ ‘‘ටෂ්කන්ට්’’ නුවර දී අද (27) ආරම්භ වන පස්වැනි ආසියානු යොවුන් (වයස 18න් පහළ) මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත්දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම තරගාවලිය අද සිට ලබන ඉරිදා (30) දක්වා ටෂ්කන්ට් නුවර දී පැවැත්වීමේ දී ඊට එක්ව සිටින රටවල් ගණන 30කි.

මෙවර තරගාවලියේදීත් ශ්‍රී ලංකාව පදක්කම් කීපයක් දිනා ගැනීම කෙරෙහි වඩාත් විශ්වාසයක් තබා තිබේ. ශ්‍රී ලංකාව මෙතෙක් තරගාවලිය පුරා එක් රන් පදක්කමක් ඇතුළුව රිදී හා ලෝකඩ පදක්කම් 14ක් දිනා තිබේ. කුවේට් රාජ්‍යයේ දී පැවැති (2022) තරගාවලියේ දී ශ්‍රී ලංකාව රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගත්තේය.

මීටර 400 (පිරිමි) ඉසව්වෙන් ප්‍රවීන් ජයතිලක (තත්පර 48.56 රිදී පදක්කම) හා අවිෂ්ක තෙවිදු රාජපක්‍ෂ (තත්පර 48.70 – ලෝකඩ පදක්කම), උස පැනීම (පිරිමි) ඉසව්වන් දෙකෙත් අනුහස් එදිරිසිංහ (මීටර 2.01- රිදී පදක්කම) හා ලෙසදු ආතාවිදු (මීටර 1.97 – ලෝකඩ පදක්කම), මීටර 800 (කාන්තා) ඉසව්වෙන් නිමාලි වික්‍රමසිංහ (විනාඩි 2 තත්පර 15.42 – රිදී පදක්කම) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ගියවර පදක්කම් දිනූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

මෙතෙක් ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී දිනාගත් එකම රන් පදක්කම වසර 2015 – දෝහා කටාර් හිදී පැවැති පළමු තරගාවලියේ දී දුලාංජලී යමානි විසින් අත්කර ගත්තේ මීටර 400 - කඩුලු (කාන්තා) ඉසව්වෙනි. ඒ තත්පර 61.27 ක කාලයක් වාර්තා කරමිනි.

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම

පිරිමි:- නිලුපුල් තේනුජ (උස පැනීම- දික්වැල්ල විජිත මධ්‍ය මහ විදුහල), ලෙසඳු ආතාවිදු (උස පැනීම - බොරැල්ල ඩී.එස්. සේනානායක විදුහල), අයෝමාල් අකලංක (මීටර 400 – කඩුලු- අඹගමුව මහ විදුහල), තුෂේන් මලින්දරත්න සිල්වා (රිටි පැනීම – මීගමුව මාරිස්ටෙලා විදුහල), ජාත්යා කිරුලු (මීටර 400 - ගාල්ල මහින්ද විදුහල)

කාන්තා:- කසුනි නිමාලි වික්‍රමසිංහ (මීටර 800 – ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල), දුලංජනා ප්‍රදීපනී වික්‍රමසිංහ (මීටර 1500 - ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල)

නිලධාරීන්:- පුහුණුකරු:- බුද්ධික මදුශංක, කළමනාකරු:- චන්දන ඒකනායක, ක්‍රීඩිකාවන් භාර නිලධාරිනී:- පූර්ණිමා වීරකෝන් යන මහත්ම මහත්මීන්


අදහස් (0)

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට 7 ක් ටෂ්කන්ට් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.