Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු කලාපීය සුදුසුකම් තේරීමේ තරගාවලිය ජූනි 8 වැනිදා ඇරඹෙයි

ආසියානු කලාපීය සුදුසුකම් තේරීමේ තරගාවලිය ජූනි 8 වැනිදා ඇරඹෙයි

editorial - 2022 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකාව ‘සී’ කාණ්ඩයෙන් තරග වදින ආසියානු කුසලාන (2023) සුදුසුකම් ලබා ගැනීමේ අවසන් තේරීම් තරග වටය ලබන ජූනි 8 වැනිදා උස්බෙකිස්ථානයේදී ආරම්භ වේ. මෙම තරග වටය ජූනි 8, 11 හා 14 යන දිනවලදී උස්බෙකිස්තානය සත්කාරය දරමින් පැවැත්වේ. ඒ සඳහා සහභාගි වන රටවල් ගණන පහකි.

‘සී’ කාණ්ඩයේ තරග වදින සෙසු රටවල් වන්නේ ඕස්ට්‍රේලියාව, තායිලන්තය හා මාලදිවයිනයි. කණ්ඩායම් 24ක් තරග වදින ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය (අවසන් වටය) වසර 2023දී චීනයේ සත්කාරයෙන් පැවැත්වීමට නියමිතය.

ආසියානු කුසලාන (2023) සුදුසුකම් ලබා ගැනීමේ අවසන් තේරීම් තරග මාලාව කණ්ඩායම් 30කගේ සහභාගිත්වයෙන් කාණ්ඩ හයක් යටතේ පැවැත්වීමට නියමිතය. ඒ සඳහා උස්බෙකිස්ථානය හැරෙන්නට මලයාසියාව, ඉන්දියාව, මොංගෝලියාව, කිරිකිස්තානය, කුවේට් රාජ්‍යය සත්කාරය දරයි.

ආසියානු කුසලාන (2023) අවසන් වටය සඳහා දැනටමත් රටවල් 12 ක් නිර්දේශ ලබා සිටිති. ඒ අතර ඉතිරි රටවල් ඒ සඳහා 11ක් නිර්දේශ කර ගැනීම සඳහා මෙම අවසන් තේරීම් තරග වටය පැවැත්වේ.
චීනය සත්කාරක රාජ්‍යය ලෙස ආසියානු කුසලාන (2023) තරගාවලිය සඳහා කෙලින්ම අවසන් වටයට සුදුසුකම් ලබා සිටියි.

ආසියානු පාපන්දු සමුළුව හඳුන්වා දුන් නව තරග ක්‍රමයක් යටතේ මෙවර ආසියානු කුසලාන (2023) තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගැනේ. එහිදී විශේෂත්වය වන්නේ පැවැති මුල් වටයේ පරාජිතයන් සඳහා ද සුදුසුකම් තේරීමේ තරග වටයක් හඳුන්වා දීමයි.  ඒ අනුව ශ්‍රී ලංකාවටද තවදුරටත් ආසියානු කුසලාන (2023) අවසන් වටය සඳහා නිර්දේශ ලබා ගැනීමේ තවත් තරග වටයක් ජූනි මාසයේදී හිමිව තිබේ.

මෙම අවසන් තේරීම් තරග වටයේ කාණ්ඩ හයේ වැඩිම ප්‍රසාද ලකුණුලාභීන් වන කණ්ඩායම් හය හැරෙන්නට දෙවැනි තැනට පත්වන  හොඳම කණ්ඩායම් පහක් (5) ද අවසන් වටයට නිර්දේශ ලබා ගනිති.

මේ වනවිට ඕස්ට්‍රේලියාව, වියට්නාමය, ඉරානය, ඉරාකය, ජපානය, දකුණු කොරියාව, ලෙබනනය, ඕමානය, කටාරය, සෞදි අරාබිය, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසියානු කුසලාන පාපන්දු (2023) අවසන් වටය සඳහා දැනටමත් සුදුසුකම් ලබාගෙන සිටිති.

අළුත්ම ආසියානු පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව දැන් පසුවන්නේ  ආසියාවේ රටවල් 46 කින් 45 වැනි ස්ථානයේයි. ආසියානු කලාපයේදී ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටින්නේ ගුවාම් රාජ්‍යය පමණි. පාපන්දු ලෝක ශ්‍රේණිගතකිරීම් අතරේ ශ්‍රී ලංකාව රටවල් 210 කින්  204 වැනි ස්ථානය ලබා තිබේ. ඒ පසුගිය පෙබරවාරි 10 වැනිදා අවසන් වරට කළ ශ්‍රේණිගත කිරීම් අනුවයි.


අදහස් (0)

ආසියානු කලාපීය සුදුසුකම් තේරීමේ තරගාවලිය ජූනි 8 වැනිදා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.