ආසියානු කුසලාන තරගාවලිය සුපුරුදු පරිදි 2016 වසරේ සිට පැවැත්වෙන බව ආසියානු කි‍්‍රකට් සභාව නිවේදයක් නිකුත් කරමින් සදහන් කරයි. ආසියානු කි‍්‍රකට් සභාව ජුලි මස පළමු වැනිදා සිට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සමග ඒකාබද්ධව ක‍්‍රියාත්මක වීමට නියමිතය.
2016 හා 2020 යන ආසියානු ක‍්‍රිකට් තරගාවලි විස්සයි20 තරගාවලි ලෙස පැවැත්වෙනු ඇති බව ආසියානු කි‍්‍රකට් සභාව පසුගිය 18 වැනිදා නිකුත්කළ නිවේදනයේ සදහන් වේ. කෙසේ වෙතත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව 17 වැනිදා නිකුත් කළ නිවේදනයේ ඒ කිසිවක් සදහන් නොවීය.
ආසියානු කි‍්‍රකට් සභාව අන්තර්ජාතික කි‍්‍රකට් සභාව හා ඒකාබද්ධවීමත් සමග ආසියානු කි‍්‍රකට් සභාවේ නිලධාරීන් පිරිසක් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට එක්කර ගැනීමටද නියමිත.
2016 වසරේ මෙන්ම 2018, 2020 හා 2022 යන වසර වලදීත් ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිත අතර අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය ලැබී නැති නේපාලය හා ඇෆ්ගනිස්තානය වැනි රටවල් සදහා සුදුසුකම් ලැබීමේ ක‍්‍රමවේදයක් හරහා ආසියානු කුසලානයට එක්වීමේ අවස්ථාව ලබාදීමටත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙන්ම ආසියානු කි‍්‍රකට් සභාවේද අවධානය යොමුව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.