Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව ලකුණු 131 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ආනන්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ධර්මපාල විද්‍යාලීය පළමු ඉනිමේදී ශාමල් හිරූෂාන් ලකුණු 10 කට කඩුලු 6 ක් දවාගත් අතර දෙවැනි ඉනිමේදී අසෙල් සිගේරා ලකුණු 47 කට කඩුලු 5 ක් දවාගනිමින් කොළඹ ආනන්ද විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
ආනන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 48.4 කදී සියලුදෙනා දැවී ලකුණු 136
(කණිෂ්ක රංතිලකගේ 27, හසිඳු ශාමික නොදැවී 27, දුශාන් හෙට්ටිගේ 21, ඩිල්ශාන් ද සිල්වා 34/4, චමිඳු සමරසිංහ 36/4, චේතිය ශානුක 31/2)
ධර්මපාල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 16.2 කදී සියලුදෙනා දැවී ලකුණු 42
(ශාමල් හිරූෂාන් 10/6, දුශාන් හෙට්ටිගේ 07/3)
ආනන්ද විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 48 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 225
(දුශාන් හෙට්ටිගේ 59, ළහිරු හිරණ්‍ය නොදැවී 50, කණිෂ්ක රංතිලකගේ 47, කමේෂ් නිර්මාල් 27, කළණ විජේසිරි නොදැවී 23, ඩිල්ශාන් ද සිල්වා 87/2, චමිඳු සමරසිංහ 101/2)
ධර්මපාල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 51.4 කදී සියලුදෙනා දැවී ලකුණු 188
(කුසංක පීරීස් 68, අමිල දිසානායක 25, අසෙල් සිගේරා 47/5, දමින්ද රේශාන් 13/3, කමේෂ් නිර්මාල් 52/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.