අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොට්ටාව ආනන්ද විදුහල සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් ‘බී’ කණ්ඩායම අතර කොළඹ ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඩී.එස්. සේනානායක විදුහලේ රිසින් තෙනුජය ලකුණු 37 කට කඩුලු 7 ක් දවාගනිමින් ආනන්ද විදුහල් පළමු ඉනිම සුනුවිසුණු කර දැමූවේය.
ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 71.5 කදී සියලු දෙනා දැවී 149
(කවීන් චමුදිත 47, අමේෂ් නෙතුම් 29, ප්‍රභාත් ප්‍රනාන්දු 23, චමල්ක ගලගෙදර 21, රිසින් තෙනුජය 37/7, තරිඳු උදාන 48/2)
ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 15 කදී කිසිවකු නොදැවී 44
(අරිත හසිඳු නොදැවී 21, ඉමල් විස්වින් නොදැවී 21)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.