ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරන වසර මැද ආධුනික කැරම් ශූරතාවලිය ජූලි මස 1 වැනිදා සිට සති අන්ත දිනවල කොහුවල, ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවැත්වේ. ආධුනික කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පමණක් මෙම තරගාවලිය විවෘත වන අතර ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ශ්‍රේණිගත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා සහභාගී විය නොහැකිය.
එහිදී පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල සහ කාන්තා යුගල ලෙස තරග ඉසව් හතරක් යටතේ තරග පැවැත්වෙන අතර කැරම් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ආධුනික කැරම් ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට මෙම ශුරතාවලිය සඳහා සහභාගී විය හැකිය.
ජූනි මස 21 වැනිදා මධ්‍යහන 12.00 ට අයදුම් පත් බාර ගැනීම අවසන් වන අතර, තරග සැකැස්ම සකස් කිරීම ජූනි මස 24 වැනිදා පෙරවරු 10.00 සිට කොහුවල, ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී සිදු කෙරේ.
තරගාවලියට අදාළ අයදුම්පත් මේ වන විටත් ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සාමාජිකත්වය ලබා ඇති සියලුම ක්‍රීඩා සමාජ වෙත තැපැල් කර යවා ඇති අතර, සෙසු අයදුම්කරුවන්ට කොහුවල සුනේත්‍රාදේවී පාරේ, අංක 25 දරණ ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයෙන් සහ කැරම් සම්මේලනයේ නිල ෆේස්බුක් ගිණුමෙන්ද අයදුම්පත් ලබාගත හැකිය.
මෙහි සියලුම තරග ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නීති රීති වලට අනුකූලව පැවැත්වේ. තරග කමිටු සභාපති බි්‍රන්ඞ්ලි වික්‍රමසිංහ (077 343 0432), තරග ලේකම් අමිතා වික්‍රමසිංහ (071 819 3287) සහ ප්‍රධාන ලේකම් දයා විදානගම (077 730 9234) යන මහත්ම මහත්මීන් ඇමතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.