Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආදරවන්තයන්ගේ සටන විසදුමක් නෑ

ආදරවන්තයන්ගේ සටන විසදුමක් නෑ

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාලු පුරවරය දින දෙකක් පුරා ක්‍රිකට් උන්මාදයෙන් පුරවා දැමූ රිච්මන්ඞ් සහ මහින්ද දෙවිදුහල් අතර 112 වැනි ආදරවන්තයන්ගේ සටන ජය පරාජයෙන් තොරව අද නිමාවට පත්විය.

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ වැඩි ගෞරවය අත්කර ගත් රිච්මන්ඞ් විදුහල දිනය නිමාවනවිට සිය දෙවැනි ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 205 ක් රැස් කිරීමට සමත් වූ අතර ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 101 ක් ලබා ගනිමින් තරගයේ අගභාගය වර්ණවත් කළේය.

තරගයේ දෙවැනි දිනය වූ අද දිවා ආහාරයෙන් පසුව මහින්ද විදුහල පලකුණු 180 කට දැවී යාමෙන් පසුව සිය දෙවැනි ඉනිම ආරම්භ කළ රිච්මන්ඞ් විදුහල තරගයේ සියලු ගෞරව දිනා ගැනීමට සමත්වීම කැපී පෙනුණි. 112 වැනි ආදරවන්තයන්ගේ සටන විශිෂ්ට ශතකයකින් ඔප් නැංවූ ධනංජය සිය ක්‍රිකට් දිවියට ස්වර්ණමය මතක සටහනක් එක් කර ගනිද්දී ඔහුට අගනා සහයක් ලබා දුන් නායක කමිඳු මෙන්ඩිස් දැවී ගියේ තවත් ශතකයකට ලකුණු 8 ක් එපිටින් සිටියදීය.

මහින්ද විදුහල් පළමු ඉනිම ලකුණු අද දිවා ආහාරයෙන් පසුව ලකුණු 180කට සීමා කළ අවිඳු තීක්ෂණ කඩුලු 4ක් දවාලූ අතර සඳුන් මෙන්ඩිස් බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 3 කි.


රිච්මන්ඩ් විදුහල පළමු ඉනිම - 184
(අවිඳු තීක්ෂණ 38, කමිඳු මෙන්ඩිස් 32, ධනංජය ලක්ෂාන් 30, කවීෂ අභිෂේක් නොදැවී 37, ආදිත්‍ය සිරිවර්ධන 26, කලිඳු එදිරිසිංහ 2/19, නිපුන් මාලිංග 50/2, කවිඳු එදිරිවීර 24/2)

මහින්ද විදුහල පළමු ඉනිම - 180
(විනුර හිරන්ජිත් 57,  නවෝද් පරණවිතාන 20, කවිඳු එදිරිවීර 27, සඳුන් මෙන්ඩිස් 47/3, අවිඳු තීක්ෂණ 59/4)

රිච්මන්ඩ් විදුහල දෙවැනි ඉනිම - 205/1
(ධනංජය ලක්ෂාන් නොදැවී 101, කමිඳු මෙන්ඩිස් 92)

 

- 077


අදහස් (0)

ආදරවන්තයන්ගේ සටන විසදුමක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.