Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඊයේ (17 වැනිදා) එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 106 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.සී.සී. කණ්ඩායම ඕවර 50 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 328 ක් ලබාගත් අතර එහිදී අගනා පිතිහරඹයක නිරත වූ අහන් වික්‍රමසිංහ පන්දු 90 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 114 ක් රැස්කළේය. චාමික කරුණාරත්න පන්දු 46 කින් නොදැවී ලකුණු 95 ක් රැස්කළේ හයේ පහර 8 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි.
ජයග්‍රහණය සඳහා ලකුණු 329 ක ඉලක්කයක් හඹාගිය බදුරලිය ක්‍රීඩකයන්ට ඕවර 47.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 222 ක් පමණි. බදුරලිය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සීක්කුගේ ප්‍රසන්න පන්දු 75 කදී හයේ පහර 10 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 112 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙණිය නිලකුණු ඕවරයක්ද සමග ඕවර 10 ක් යවමින් ලකුණු 28 කට කඩුලු 3 ක් බිඳහෙළීමට සමත් විය. බදුරලිය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් සහන් ආරච්චිගේ සහ දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් දවාගත්හ.
එන්.සී.සී. පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 328
(ජීවක සෂීන් 16, කවින් බණ්ඩාර 23, විනුක රූබසිංහ 36, අහන් වික්‍රමසිංහ 114, සහන් ආරච්චිගේ 22, චාමික කරුණාරත්න නොදැවී 95, මානස මධුභාෂන 80/3)
බදුරලිය පිල - ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 222
(යෙනුල දෙව්තුස 48, සීක්කුගේ ප්‍රසන්න 112, ලසිත් ඇඹුල්දෙණිය 28/3, සහන් ආරච්චිගේ 23/2, දුෂ්මන්ත චමීර 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.