Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අසේල ආපසු එයි

අසේල ආපසු එයි

Nisanka Sandeepani - 2018 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පුහුණුවීම් කිරීමේදී ඇද වැටී දකුණු අත තුවාලවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට නැවතත් සියරට බලා පැමිණීමට සිදුව තිබේ. මෙම ආබාධය හේතුවෙන් අද (15 වැනිදා) සහ ලබන ඉරිදා (18 වැනිදා) පැවැත්වීමට නියමිත විස්සයි-20 තරග දෙකටම සහභාගි වීමේ අවස්ථව අසේලට අහිමි වනු ඇත. 

ඉතිරිව ඇත්තේ එකම විස්සයි-20 තරගයක් බැවින් අසේල වෙනුවට ආදේශ ක්‍රීඩකයකු බංග්ලාදේශයට නොයැවෙනු ඇත. 

“පුහුණුවීම් කිරීමේ අභ්‍යාසයකදී ඔහුගේ දකුණු අත ඉතා අසීරු ස්ථානයක සිරවීම නිසා මෙම ආබාධය ඇතිවී තිබේ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සටහන් විය. ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර අසේල එම්. ආර්. අයි ස්කෑන් පරීක්‍ෂාවකට සහභාගි වීමට නියමිතය. 

තුන්කොන් එක්දින තරගාවලිය මෙන්ම බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියත් ජයගත් නමුත් විස්සයි-20 තරගාවලියේදී යළිත් වරක් ආබාධ ලයිස්තුවකට මුහුණ දීමට ශ්‍රී ලංකා පිලට සිදුව තිබේ. නායක ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයට ලක්වීම නිසා මුලින්ම තරගාවලියෙන් ඉවත් විය. අනතුරුව ඉළ ඇට පෙදෙසේ ආබාධයක් හේතුවෙන් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් පෙරේරා කණ්ඩායමෙන් ඉවත් වූ අතර අසේල ගුණරත්න ආබාධ ලයිස්තුවේ අලුත්ම සාමාජිකයා වී තිබේ. 

පසුගිය වසරේ ඉන්දියාවට එරෙහිව ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයේදී ස්ලිප්හි පන්දු රකිමින් සිටි අසේලගේ වම් අතේ මහපටැඟිල්ලේ පන්දුවක් වැදීමෙන් අස්ථි පුපුරා ගියේය. ඒ හේතුවෙන් මාස පහකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට අසේල ගුණරත්නට සිදුවිය. 

 

 


අදහස් (0)

අසේල ආපසු එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.