Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ අශෝක විද්‍යාලය ඊයේ (28 වැනිදා) සමත්විය. මෙම තරගය ශ්‍රී ජයවර්ධනපුර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගයේ දෙවැනි දිනය අවසන් වනවිට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේ අවසන් කඩුල්ල දවාගැනීමට අශෝක විද්‍යාලයේ පන්දු යවන්නන්ට නොහැකිවීම හේතුවෙන් පූරණ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට තිබූ අවස්ථාව අශෝක විද්‍යාලයට අහිමිවී ගියේය.
විමුක්ති සංදීප (110) ශතකයක් සහ ලසිත් චතුරංග (71) අර්ධ ශතකයක් රැස්කරමින් අශෝක විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.
ශ්‍රී ජයවර්ධනපුර ම.වි - පළමු ඉනිම - ඕවර 27.3 කදී සියලුදෙනා ලකුණු 46
(තරංග සම්පත් 11/3, ලසිත් චතුරංග 16/3, ළහිරු විතානගේ 03/2)
අශෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 80.3 කදී සියලුදෙනා දැවී ලකුණු 266
(විමුක්ති සංදීප 110, ලසිත් චතුරංග 71, පසන් සාවින්ද 40, තිසර සමින්ද 62/4, සම්පත් නිස්සංක 56/3)
ජයවර්ධනපුර ම.වි - දෙවැනි ඉනිම - ඕවර 40.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 137
(ඉශාර සමින්දික 33, චමෝද් සුපුන් 25, සම්පත් නිස්සංක 24, ලක්ෂිත කුමාර 23, ළහිරු විතාන 26/3, තරංග සම්පත් 42/2, පසන් සවින්ද 04/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.