Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න නවකයන් දැනගන්න ඕනා - චන්දිමාල්

අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න නවකයන් දැනගන්න ඕනා - චන්දිමාල්

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 15 Comment
A A A

තමන්ට ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනිමින් කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන යාමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට මෑතකදී එක්වූ නවකයන් ඉගෙන ගත යුතු බවත්, ඔවුන්ගේ අසාර්ථක වීම හේතුවෙන් විස්සයි/20 තරගාවලිය පරාජය වූ බවත් දිනේෂ් චන්දිමාල් කියයි.
ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති දෙවැනි වි:20 තරගයේදී ලද ලකුණු 22 ක පරාජයත් සමගම වි:20 තරගාවලිය පරාජය වීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා වි:20 පිලේ නායක දිනේෂ් චන්දිමාල් මේ බව පැවසීය.

”අප පසුගිය කාලයේදී තරුණ කී‍්‍රඩකයන් කිහිපදෙනකුම යොදා ගත්තා. ඒත් බොහෝ අවස්ථාවන්හිදී ඔවුන් අපේක්‍ෂිත මට්ටමට දස්කම් දැක්වූයේ නෑ” ”තමන්ට ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජන අරන් කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙනයන්න ඔවුන් ඉගෙනගන්න  ඕනා” යයිද චන්දිමාල් පැවසීය.

වි:20 තරග දෙකේදී තමන් ලද කණ්ඩායම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන්නේද යන්න කළ විමසීමකට පිළිතුරු දීමේදී චන්දිමාල් පවසා සිටියේ තමන්ට හොඳ කණඩායමක් සිටි බවත් එකම හේතුව ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් තිදෙනා එකම තරගයකදී කී‍්‍රඩා නොකිරීම බවත්ය.
කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් තිදෙනාම එක තරගයකට යොදා නොගැනීම සම්බන්ධයෙන් තේරීම් කමිටුව කරුණු ඉදිරිපත් කළේද යන්න විමසූ අවස්ථාවේදී චන්දිමාල් පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.

”ඔබ ඒ ගැන තේරීම් කමිටුවෙන් විමසුවොත් වඩා හොඳයි” යයි චන්දිමාල් පැවසීය.
ඊළඟ තරගයේදී ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් තිදෙනාම ඉල්ලා සිටින්නේ යයිද කළ විමසීමේදී වි:20 නායකයා පැවසුවේ ඒ සඳහා පිළිතුරක් දිය නොහැකි බවයි.

”145 කියන්නේ අපට ලබාගත හැකි ලකුණු සංඛ්‍යාවක්. අප හොඳින් පන්දු යැව්වා වගේම පන්දු රැකීමත් කළා. ඒත් අපේ පිතිකරුවන් අපව අසරණ කළා” යයි චන්දිමාල් තරගයෙන් අනතුරුව පැවසීය.

”මේ වගේ විශාල ලකුණු සංඛ්‍යාවකින් තරගයක් පරදින්න ඉඩ තියන්න බෑ කියන එක පිතිකරුවන් වශයෙන් අප තේරුම්ගන්න  ඕනෑ. ඒත් පසුගිය තරග දෙකේදීම අප ඒ දේ කළේ නෑ”

දිගින් දිගටම ප‍්‍රහාරයට ලක්වෙද්දීත් අජන්ත මෙන්ඩිස් පන්දු යැවීමට යොදාවා ගැනීමට හේතුව දකුණු අපි‍්‍රකානුවන් දඟ පන්දු යවන්නන් හමුවේ දක්වන දුර්වලතා බව පැවසූ චන්දිමාල් වි:20 කි‍්‍රකට් කී‍්‍රඩාවේදී අජන්ත සතුව පවතින කීර්තිනාමයට ඊට පසුබිම් වූ බව පැවසීය.

පළමු තරග දෙකේදී විවිධ අත්හදාබැලීම් සඳහා කී‍්‍රඩකයන් යොදවාගැනීම හේතුවෙන් පිට පිටම තරග දෙකක් පරාජය වූ බවත් එයින් ඇතිවන පීඩනයට විසඳුමක් ඇතිද යන්නත් කළ විමසීමකට චන්දමාල් පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් තේරීම් කමිටුවෙන් විමසා සිටිය යුතු බවයි.
”අනපේක්‍ෂිත ආකාරයෙන් අප පළමු තරගය පරාජය වුණා. පස්සේ මෙහි ඇවිදින් දෙවැනි තරගයත් පැරදුනා”

”අප තරගාවලිය පරාජය වෙලා ඉවරයි. ඒත් තවත් තරගයක් තියෙනවා. කණ්ඩායමක් වශයෙන් අපේ ගෞරවය රැකගන්න නම් ඒ තරගය ජයගත යුතුයි” යයිද චන්දිමාල් පැවසීය.

- දමින්ද විජේසූරිය සූරියවැව කී‍්‍රඩාංගණයේ සිට..


අදහස් (15)

අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න නවකයන් දැනගන්න ඕනා - චන්දිමාල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.