Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවසන් මහ තරග 10 න් 5 කටම ධම්මිස්සරය

අවසන් මහ තරග 10 න් 5 කටම ධම්මිස්සරය

editorial - 2023 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස ගෘහස්ත පිටියේදී හෙට සහ අනිද්දා (23-24) පැවැත්වෙන අන්තර් පාසල් ඩී.එස්.අයි.- සුපර් ස්පෝට්ස් ශූරතා කුසලාන වොලිබෝල්  තරගමාලාවේ අවසන් මහ තරග 10න් පහකටම නිර්දේශ ලබා ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල සමත්ව සිටියි.

පාසල් වොලිබෝල් පිටියේ කවදත් නම් දැරූ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල තරග මාලාවේ කනිෂ්ඨ කාණ්ඩයේ බාලක අවසන් මහ තරග තුනකට හා බාලිකා අවසන් මහ තරග දෙකකට එහිදී සුදුසු කම් සපුරා සිටියි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය එක්ව ඩී.එස්.අයි. (පාවහන්)  ආයතනයේ අනුග්‍රහයෙන් සංවිධානය කළ මෙවර තරග මාලාවට දිවයින පුරා පාසල් කණ්ඩායම් 4500ක් පමණ සහභාගි වූහ.

තරගමාලාව සඳහා අනුග්‍රාහක ආයතනය රුපියල් මිලියන 30කට ආසන්න ගණනක් වැය කරන අතර අවසන් මහ තරග ජයග්‍රාහකයන් අනුශූරතා හා තෙවැනි ස්ථාන ලබන කණ්ඩායම් වෙත ප්‍රදානය කෙරෙන මුළු ත්‍යාග මුදල රුපියල් මිලියන දෙකකි.

ජයග්‍රාහී කණ්ඩායම් සඳහා එහිදී රුපියල් ලක්ෂයේ සිට මුදල් ත්‍යාග ලබාදීමට කටයුතු කෙරේ. මෙම අවසන් මහ තරග 10ම මින් පෙර වසරවලදී මෙන් රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරෙන බැවින් පාසල් වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයේ උනන්දුව මෙම තරග මාලාව කෙරෙහි ඉතා ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.

මෙවර තරග සජීවී විකාශය සිදු කෙරෙන්නේ ජාතික  රූපවාහිනිය ඔස්සේය. රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විදුහල, උහන තිස්පුර විදුහල, මාරවිල ශාන්ත සේවියර් විදුහල හා හුංගම ජාතික පාසල. මෙහිදී අවසන් මහ තරග දෙකකට බැගින් නිර්දේශ ලබා සිටියි.

ඒ අතර ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල පළමු වතාවට තරගමාලාවේ අවසන් මහ තරගයකට නිර්දේශ ලබා සිටියි. ඒ වයස 19න්  පහළ බාලිකා අවසන් මහ තරගය සඳහායි.

තරග මාලාවේ නිල ජයසංකේත ප්‍රදානෝත්සවය ඉරිදා පස්වරු 5ට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත් හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


අදහස් (0)

අවසන් මහ තරග 10 න් 5 කටම ධම්මිස්සරය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.