Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවසන් පූර්ව තරග හෙට

අවසන් පූර්ව තරග හෙට

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රීමා කුසලාන වයස 15 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට පැවැත්වේ. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට බස්නාහිර පළාත් මධ්‍යම, බස්නාහිර පළාත් දකුණ (පිටත), බස්නාහිර පළාත් උතුර (පිටත) සහ දකුණ පළාත් කණ්ඩායම් සමත් වී තිබේ.

හෙට පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට එරෙහිව දකුණු පළාත් කණ්ඩායම සී. සී. සී. ක්‍රීඩාංගණයේදී තරග වදී. දෙවැනි අවසන් පූර්ව තරගයේදී බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායමට එරෙහිව බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායම එන්. සී. සී. ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය.

තරගාවලියේ අවසන් මහ තරගය 29 සහ 30 යන දින වලදී කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙවර තරගාවලියේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායම මූලික වටයේදී තරග 5 කට සහභාගි වී එම තරග 5 න්ම ජය ලබා ප්‍රසාද ලකුණු 20 සමගින් අපරාජිත කණ්ඩායමක් ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම සහ ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ දකුණු පළාත් කණ්ඩායම එක් තරගයක් පමණක් පරාජයට පත් වී ප්‍රසාද ලකුණු 16 බැගින් ලබා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.

‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ බස්නාහිර පළාත් උතුර (පිටත), වයඹ පාළාත, බස්නාහිර පළාත් උතුර යන කණ්ඩායම් 3 ම තරග 3 බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු 12 බැගින් ලබා සම තත්ත්වයේ සිටියද, ලකුණු ලබාගැනීමේ වේගය අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමිවූයේ බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායමටයි.

‘ඒ‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජය ප්‍රසාද ලකුණු ලකුණු ලබාගැනීමේ වේගය
බස්නාහිර පළාත් මධ්‍යම 5 4 1 16 0.889
බස්නාහිර පළාත් උතුර (පිටත) 5 3 2 12 0.949
වයඹ පළාත 5 3 2 12 0.522
බස්නාහිර පළාත් උතුර  5 3 2 12 0.467
ඌව පළාත 5 2 3 8 0.039
උතුරු පළාත  5 0 5 0 -3.684
 
‘බී‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජය ප්‍රසාද ලකුණු ලකුණු ලබාගැනීමේ වේගය
බස්නාහිර පළාත් දකුණ (පිටත) 5 5 0 20 2.629
දකුණු පළාත  5 4 1 16 1.423
බස්නාහිර පළාත් දකුණ  5 3 2 12 0.887
මධ්‍යම පළාත  5 2 3 8 -0.484
නැගෙනහිර පළාත  5 1 4 4 -2.544
උතුරු මැද පළාත  5 0 5 0 -3.761

 

දකුණු පළාත් කණ්ඩායම

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම

බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායම

බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායම

 


අදහස් (0)

අවසන් පූර්ව තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.