එංගලන්ත ඉනිමෙ අවසන් ඕවරය යැවීමට කැඳවූ සුරංග ලක්මාල් ඕවරය ආරම්භ කළේ ‘බීමර්’ පන්දුවකිනි. එය නිපන්දුවක් වූ අතර ස්ක්වෙයාර් ලෙග් කලාපය හරහා ලකුණු 4 ක් ලබාගැනීමටද බට්ලර් සමත් විය. අනතුරුව යැවුනු පන්දු 4 න් දෙකකට හතරේ පහරක් සහ හයේ පහරක් ගැසීමට බට්ලර් සමත් වීම නිසා කුපිත වූ ලක්මාල් ඊළගට යැවූයේ තවත් බීමර් පන්දුවකි.
දෙවැනි බීමර් පන්දුව නිසා ලක්මාල්ට පන්දු යැවීමෙන් ඉවත් වීමට සිදුවූ අතර ඇතැම්විට ශී‍්‍ර ලංකාව ටෙස්ට් තත්ත්වය ලබාගැනීමෙන් පසුව මෙවන් අවස්ථාවකට මුහුණ දුන් පළමු පන්දු යවන්නා සුරංග ලක්මාල් වීමටද ඉඩ තිබේ.
ලක්මාල්ගේ ඕවරය සම්පූර්ණ කිරීමට පැමිණි තිලකරත්න ඩිල්ෂාන් යැවූ අවසන් පන්දු දෙකේදී තවත් ලකුණු 2 ක් සහ 4 ක් ලබාගැනීමට එංගලන්ත පිලට හැකිවූ හෙයින් අවසන් ඕවරයේදී එංගලන්ත පිලට ලකුණු 22 ක් එක්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.