Last Update  :  2025-05-06 14:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවධානය තුරඟ තරග පිටියට

අවධානය තුරඟ තරග පිටියට

රොෂාන් ගුණරත්න - 2017 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේදී පෙරමුණ ගත් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය හෙට (10) පස්වරු 6.20ට හැව්ලොක්ස් පිටියේ විදුලි ආලෝකධාර මැද ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමග තරග බිමට පිවිසෙයි. සිය පළමු තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 36-0 ක ජයක් අත්කර ගනිමින් මෙවර තරගාවලිය ජයග්‍රාහීව ආරම්භ කළ හැව්ලොක්ස් පිල එම තරගයේදී උත්සාහක දිනුම් 5ක්ම තැබීමට සමත්වීම නිසා අතිරේක ප්‍රසාද ලකුණක් ද සහිතව ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ලකුණු 6 ක් අත්කර ගනිමිනි.


ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සැදුම්ලත් හැව්ලොක්ස් පිල හමුවේ හෙට තරග වදින ගුවන් හමුදා කණ්ඩායම සිය පළමු තරගයෙන් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ඉදිරියේ ලකුණු 21-9 කින් පරාජයට පත්වූයේ තරගයේ දෙවැනි භාගයේදී දුර්වල ක්‍රීඩා විලාශයක නිරතවීම නිසාය. එම තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 6-3 කින් පෙරමුණ ගත් ගුවන් හමුදා පිලේ ක්‍රීඩකයන් දෙවැනි භාගයේදී අනවශ්‍ය කලබලකාරි ස්වරූපයකින් ක්‍රීඩා කරමින් නීතිවිරෝධී ක්‍රීඩා රටාවක නිරතවීම සී.ආර්.පිලේ වාසියට හේතුවිය. එබැවින් හෙට තරගයේදී සියලු දුර්වලතා මකා දමමින් හැව්ලොක්ස් පිලට අභියෝගයක් එල්ල කිරීම ගුවන් හමුදා පිලේ ක්‍රීඩකයන්ගේ අරමුණ වී තිබේ.


දෙවැනි සති අන්තයේ තරගවලදී කාගෙත් අවධානය දිනාගනු ඇත්තේ හෙට පස්වරු 3.50ට කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සහ සී.එච්.ඇන්ඩ් එෆ්.සී.ක්‍රීඩා සමාජය අතර තරගය කෙරෙහිය.


පසුගිය සතියේ දී ශ්‍රී ලංකා නාවික හමුදා පිල හමුවේ ලකුණු 20-14 ක පරාජයක් අත්විඳි යුද හමුදා පිල හෙට තරගයේදී මෙවර තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරිමේ අභිලාෂයෙන් පසුවෙයි. එසේ වුවත් ජයග්‍රහණ පිපාසයෙන් පෙළෙන සී.එච්. කණ්ඩායම පසුගිය සති අන්තයේදී ලීග් රග්බි කිරුලේ වත්මන් ශූර මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ දැක්වූ විශිෂ්ට ක්‍රීඩා රටාව හෙට තරගයේදී යුද හමුදා පිලට දැඩි හිසරදයක් ගෙන දෙනු නිසැකය.


ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත මහනුවර පිල එම තරගය ලකුණු 23-6 කින් ජයගැනීමට දැඩි ආයසයෙන් යුතුව ක්‍රීඩා කිරීමට සිදුවී තිබුණේ මෙවර සී.එච්.පිල පසුගිය වසරේ නැවියන්ගේ කණ්ඩායම ශක්තිමත් කළ ක්‍රීඩකයන් රැසක්ම අත්පත් කරගෙන සිටින බැවිනි.


අදහස් (0)

අවධානය තුරඟ තරග පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.