අවිෂ්ක පෙරේරාගේ අගනා ශතකය නිසා ප්‍රීමා කුසලාන වයස 15 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ඊයේ (23 වැනිදා) පැවැති තරගයකදී වයඹ පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 112 ක පහසු ජයක් අත්කරගැනීමට බස්නාහිර පළාත් උතුර කණ්ඩායම සමත් විය.
බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායමේ කමිල් මිෂාර (නොදැවී 50) සහ බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායමේ සඳරුවන් චින්තක (66) ඊයේ පැවැති තරග වලදී අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
එහිදී දකුණු පළාත් කණ්ඩායමේ යසිත් රූපසිංහ සහ උතුරු පළාත් කණ්ඩායමේ අමිත් දාබරේ කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
	
	බස්නාහිර පළාත් උතුර කණ්ඩායමට ලකුණු 112 ක ජයක්
	බස්නාහිර පළාත් උතුර - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 263  
	(අවිෂ්ක පෙරේරා 106, රවීන් ද සිල්වා නොදැවී 35, මොහොමඞ් ශමාස් 27, තරිඳු මදුවන්ත 62/3, ගයන්ත වික්‍රමාරච්චි 45/2)
	වයඹ පළාත - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 141  
	(දුලාජ් අශේන් 27, චාලුක අතපත්තු 23, දිනෙත් ජයකොඩි 25/3, මොහොමඞ් නමීස් 25/2)
	
	බස්නාහිර පළාත් දකුණ කණ්ඩායමට කඩුලු 7 ක ජයක්
	උතුරු මැද පළාත - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 122
	(පුන්සර පියුමාල් 27, ඉනුක බණ්ඩාර 22, දිල්නෙත් වෙල්ලාලගේ 27/2, සයුරු පීරිස් 25/3)
	බස්නාහිර පළාත් දකුණ - ඕවර 11.5 කදී කඩුලු 3 ක් දැවී 123  
	(දිනුර ප්‍රනාන්දු 31, චමෝද් සඳරු 33, නිපුන ෆොන්සේකා 23)  
	
	බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායමට කඩුලු 9 ක ජයක්
	නැගෙනහිර පළාත - ඕවර 27.3 කදී සියලු දෙනා දැවී 121
	(නිලූ ආක්ෂ 42, ළහිරු මධුසංඛ 28/2, නදුල කවීෂ 19/2, විහඟ ගුණරත්න 10/2, යොහාන් සංජය 14/2)
	බස්නාහිර පළාත් දකුණ (පිටත) - ඕවර 14.2 කදී කඩුල්ලක් දැවී 125   
	(කමිල් මිෂාර නොදැවී 50, කවිඳු උමයංග නොදැවී 44)
	 
බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට කඩුලු 7 ක ජයක්
	උතුරු පළාත - ඕවර 29.5 කදී සියලු දෙනා දැවී 60
	(එස්. තනූජන් 22, අමිත් දාබරේ 8/4, යසිරු කස්තුරිආරච්චි 18/2)
	බස්නාහිර පළාත් මධ්‍යම - ඕවර 5.5 කදී කඩුලු 3 ක් දැවී 61    
	(නේෂාන් අමරසිංහ 29, උකේන් තිවාන් 25/2)
	
	බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායමට කඩුලු 4 ක ජයක්
	ඌව පළාත - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 145
	(රවිඳු රත්නායක 31, තීක්ෂණ රිද්මාල් 17/3, සසිත් හිරුදික 31/2)
	බස්නාහිර පළාත් උතුර (පිටත) - ඕවර 25.3 කදී කඩුලු 6 ක් දැවී 146  
	(සඳරුවන් චින්තක 66)
	 
දකුණු පළාත් කණ්ඩායමට ලකුණු 158 ක ජයක්
	දකුණු පළාත - ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 235
	(ලොහාන් අරෝෂන 49, රවින්ද්‍ර රෂාන්ත 36, සචිත්‍ර රෂ්මික 30, ලකිඳු චමෝද්‍ය 29, යසිත් රූපසිංහ 27/4, සහන් සිරිවර්ධන 21/2)
	මධ්‍යම පළාත - ඕවර 24.4 කදී සියලු දෙනා දැවී 77
	(යසිත් රූපසිංහ 30, කාවින්ද නදීෂාන් 10/3, නිදුක මල්සිත් 24/2, සචිර රෂ්මික 6/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.