
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ කළුතර සිරි කුරුස විදුහල අතර කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට සිරි කුරුස විදුහල සමත් විය.
එහිදී සිරි කුරුස විදුහලේ අරෝෂ් භාග්‍ය ලකුණු 19 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 114
(ගයාන් හර්ෂණ 31, සෙනුර දිමාල් 21, අරෝෂ් භාග්‍ය 19/5, ආකේෂ් දෙව්මින 12/2, නිලක්ෂ කසුන් 37/2)
සිරි කුරුස විදුහල - ඕවර 43.1 කදී කඩුලු 8 ක් දැවී 117
(පතීෂ ශාමල් නොදැවී 36, ගයාන් හර්ෂණ 21/4, දුලාජ් අෂේන් 12/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.