Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අර්ජුනගෙන් තාත්තලාට ක්‍රිකට් තරගාවලියක්

අර්ජුනගෙන් තාත්තලාට ක්‍රිකට් තරගාවලියක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අනූ හයේ ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් ක්‍රීඩකයන්ගේ නායකත්වය දරන කණ්ඩායම් 18 ක් සහභාගී වන ඩෑඞ්ස් ක්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේ දී කොළඹ එන්.සී.සී. බ්ලුම්හිල්ඞ්, බී.ආර් සී හා කෝල්ට්ස් යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ අදහසකට අනුව මෙම ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව හා අවසන් මහා තරගය දිවා / රාත්‍රී තරග ලෙස පැවැත්වීමට කටයුතු කෙරේ.

මෙම ක්‍රිකට් තරගාවලිය වෙනත් ක්‍රිකට් තරගාවලි වලට වඩා වෙනස් අත්දැකීමක් වන්නේ ඒ සඳහා සහභාගී වන කණ්ඩායම්වලට පියවරුන් පමණක් ඇතුළත් වීමත් ඔවුන්ට දිරි දෙමින් තරග අවස්ථාවලදී ඔවුන්ගේ දරුවන් නරඹන්නන් ලෙස කටයුතු කිරීමත්ය.

ස්පෝටෝනික්ස් ආයතනය සංවිධානය කරන මෙම තරගාවලියේ ප්‍රධාන උපදේශන ලෙස කටුයතු කරන අර්ජුන රණතුංග මහතා පවසන්නේ අනූහයේ ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම් සමාජ වගකීමක් ඉටු කරමින් ග්‍රාමීය පාසල්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කරන බවයි.

“තාත්තාගේ ආදරෙන්” යන තේමාව යටතේ සංවිධානය කෙරෙන මෙම ක්‍රිකට් තරගාවලියේ එකඟතා ගිවිසුම කොළඹදී අත්සන් කිරීමෙන් පසුව අදහස් දැක් වූ අනූහය ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතා පැවසුවේ ක්‍රීඩකයන් ඉදිරියට ගෙන ඒමට ලොකුම කැපවීම කරන ක්‍රිකට්වලට ආදරය කරන පියවරුන් වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කරන බවත් අනූහයේ ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් නැවැත පිටියට පිවිසීම නරඹන්නන්ට අලුත් අත්දැකීමක් බවට පත්වනු ඇති බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

 


ඩෑම්ස් ක්‍රිකට් තරගාවලිය ගිවිසුම් ගත කළ උත්සව අවස්ථාවට සහභාගී වූ එහි ප්‍රධාන උපදේශක අර්ජුන රණතුංග මහතා අනූහයේ ලෝක කුසලාන දිනූ කණ්ඩායම් ක්‍රීඩකයන් පිරිසක් සමග.
ඡායාරූපයේ වමේ සිට උපුල් චන්දන, චමින්ද වාස්, සනත් ජයසූරිය, අර්ජුණ රණතුංග, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, හෂාන් තිලකරත්න, රවීන්ද්‍ර පුෂ්පකුමාර යන මහත්වරු.


අදහස් (0)

අර්ජුනගෙන් තාත්තලාට ක්‍රිකට් තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.