Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයෝමය ශූරයා නුවන්

අයෝමය ශූරයා නුවන්

Nisanka Sandeepani - 2017 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ අධීක්ෂණය යටතේ 7 වැනි වරටත් පැවැති ‘රොබට් රූපසිංහ අනුස්මරණ කුසලාන’ දකුණු පළාත් කායවර්ධන තරගාවලියේ ශූරයා ලෙස එහි කිලෝ ග්‍රෑම් 80 බර පංතිය ජයගත් හවුස් ඔෆ් ෆිට්නස් ක්‍රීඩා සමාජයේ නුවන් දුමින්ද තේරුණි. 

කිලෝ ග්‍රෑම් 75 බර පංතියේ ශූරයා වූ හවුස් ඔෆ් ෆිට්නස් ක්‍රීඩා සමාජයේ දිනේෂ් කුමාර සමස්ථ තරගාවලියේ දෙවැනි ස්ථානය ලැබීය. කිලෝ ග්‍රෑම් 70 බර පංතියේ ශූරයා වූ උයන්වත්ත ක්‍රීඩා සමාජයේ මධුක ශිවංක එහි තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. 

මෙම තරගාවලියේදී බර පංති 7 ක් යටතේ ඉසව් පැවැති අතර ඒ සඳහා තරගකරුවෝ 60 කට වැඩි පිරිසක් සහභාගි වූහ. 

හිටපු කායවර්ධන ශූර දිවංගත රොබට් රූපසිංහ මහතාගේ බිරිඳ වන පැටී්‍රෂියා රූපසිංහ, රොබට් රූපසිංහ ක්‍රීඩා පදනමේ සභාපති දුලිප් රූපසිංහ සහ ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන තිලකරත්න ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු තරගාවලියේ ප්‍රධාන ආරාධිතයෝ ලෙස සහභාගි වූහ. 

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ දක්ෂතම කායවර්ධන ශූරයෙක් ලෙස සැලකෙන රොබට් රූපසිංහ, පිට පිටම සිවු වරක් ජාතික අයෝමය ශූරයා ශූරතාව දිනාගැනීමට සමත් වූ ක්‍රීඩකයෙකි. වාද්දුව ප්‍රදේශයෙන් ක්‍රීඩාවට අවතීර්ණ වී පසු කලෙක නාවික හමුදාව සමග සම්බන්ධ වූ ඔහු, 1969 වසරේ පැවැති ආසියානු කායවර්ධන තරගාවලියේදී උස ක්‍රීඩකයන්ගේ කාණ්ඩයේ රිදී පදක්කම දිනාගනිමින් ආසියාවේ දෙවැනි ස්ථානයට පත් විය. 28 වැනි වියේ පසුවෙද්දී රිය අනතුරකින් ඔහු දිවියෙන් සමුගත්තේය. 


කිලෝ ග්‍රෑම් 55 බර පංතිය 

1 නුවන් චමිත් (යුද හමුදාව) 
2 විරාජ් ප්‍රියංකර (යුද හමුදාව) 
3 එස්. කේ. එස්. ප්‍රෙමුජිත් (එම්. එස්. වී. ෆිට්නස් ක්‍රීඩා සමාජය)

කිලෝ ග්‍රෑම් 60 බර පංතිය 
1 අමිත් රංගන (හවුස් ඔෆ් ෆිට්නස් ක්‍රීඩා සමාජය) 
2 කේ. එස්. ජේ. කුමාර (රෝයල් ෆිට්නස් ක්‍රීඩා සමාජය) 
3 එරංග මධුෂංක (අයන් මෑන් ෆිට්නස් ක්‍රීඩා සමාජය) 

කිලෝ ග්‍රෑම් 65 බර පංතිය 
1 සුපුන් මධුරංග 
2 අජිත් කුමාර (සැන්වා ෆිට්නස් ක්‍රීඩා සමාජය) 
3 චමිඳු ජයසිංහ (නිව් වෝල්ස් පවර් ක්‍රීඩා සමාජය)
 

කිලෝ ග්‍රෑම් 70 බර පංතිය 
1 මදුක ශිවංක (උයන්වත්ත ක්‍රීඩා සමාජය ක්‍රීඩා සමාජය) 
2 සජිත් මධුෂංක (රෝයල් ෆිට්නස් ක්‍රීඩා සමාජය) 
3 තිලාන් ධනුෂ්ක (සොකොකායි මදුර්ගම ක්‍රීඩා සමාජය) 

කිලෝ ග්‍රෑම් 75 බර පංතිය 
1 දිනේෂ් කුමාර (හවුස් ඔෆ් ෆිට්නස් ක්‍රීඩා සමාජය) 
2 චරිත් ජයසේකර (රොහාන් ෆිට්නස් ක්‍රීඩා සමාජය) 
3 යූ. ජී. ඩී. දිල්හාර (එම්. එස්. වී. ෆිට්නස් ක්‍රීඩා සමාජය) 

කිලෝ ග්‍රෑම් 80 බර පංතිය 
1 නුවන් දුමින්ද (හවුස් ඔෆ් ෆිට්නස් ක්‍රීඩා සමාජය) 
2 කේ. ජී. අරුණ (මාසල් ෆිට්නස් ක්‍රීඩා සමාජය) 
3 එරංග චතුර (හවුස් ඔෆ් ෆිට්නස් ක්‍රීඩා සමාජය) 

කිලෝ ග්‍රෑම් 85 බර පංතිය 
1 දිනේෂ් චන්ද්‍රකුමාර (නිව් වේල්ස් පවර් ක්‍රීඩා සමාජය) 
2 කේ. ඩී. මායාදුන්නේ (පොලිසිය ක්‍රීඩා සමාජය) 
3 වත්සල උදාර (ස්ට්‍රෝං ෆිට්නස් ක්‍රීඩා සමාජය) 

 


අදහස් (0)

අයෝමය ශූරයා නුවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.