Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයාලේ ගිය ආරාධනා

අයාලේ ගිය ආරාධනා

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

විස්සයි20 ලෝක ශූරයන් වූ ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් පිල ඇගයීම වෙනුවෙන් ඊයේ (29) පස්වරුවේ කොළඹ තරු පහේ හෝටලක පැවැති උත්සවයේ ආරාධනා පත‍්‍ර අක‍්‍රමිකතාවලට නමක් දිනා සිටින ක‍්‍රිකට් ආයතනයේ දෙදෙනකු විසින් හිතුමතේ බෙදා දෙනු ලැබ ඇති බව වාර්තා වේ.

ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ නායක ලසිත් මාලිංග මෙන්ම ලෝක කුසලාන අවසන් මහ තරගයේ වීරයා වන කුමාර් සංගක්කාරද නොමැති අවස්ථාවක මෙම උත්සවය සංවිධානය කෙරී තිබෙන අතර ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකුට ආරාධනා පත‍්‍රය ලැබුණේ ඊයේ පැවැති පුහුණුවීම් අතරතුරදී බව ද දැනගන්නට තිබේ.

විස්සයි:20 ලෝක කුසලාන ජයග‍්‍රාහී කණ්ඩායමේ නායකයා වූ ලසිත් මාලිංග සහ අවසන් තරගයේ ජයග‍්‍රාහී හයේ පහර ගැසූ තිසර පෙරේරාත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අයි. පී. එල්. තරග සඳහා සහභාගි වෙමින් සිටිති.

ශී‍්‍ර ලංකා පිලේ එංගලන්ත සාචාරයට පෙරහුරුවක් වශයෙන් කුමාර් සංගක්කාර එංගලන්තයේ ඩර්හැම් ප‍්‍රාන්ත පිල වෙනුවෙන් තරග කිහිපයකට සහභාගි වෙමින් සිටින අතර තවත් කී‍්‍රඩකයන් කිහිප දෙනකුම විවිධ අවශ්‍යතා වෙනුවෙන් ඊයේ කොළඹින් බැහැරව සිටි බවද දැනගන්නට තිබිණ.

ටෙස්ට් සහ එක්දින පිලේ නායකයා වන ඇන්ජලෝ මැතිව්ස්ද ඊයේ රාතී‍්‍ර 9.00 වන තුරුත් මෙම උත්සවයට සහභාගි වීම සඳහා පැමිණ නොසිටි බව වාර්තාවේ. පසුගිය ජනවාරි මාසයේදී ඩුබායිහි පැවැති උත්සවයකද ආරාධනා පත් ලැබිය යුතු පුද්ගලයන්ට ආරාධනා පත් නොලැබුණු බවට චෝදනා එල්ල විය.


අදහස් (1)

අයාලේ ගිය ආරාධනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.