Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයර්ලන්තයට එරෙහිව ටෙස්ට් තරග 2 ක්

අයර්ලන්තයට එරෙහිව ටෙස්ට් තරග 2 ක්

editorial - 2023 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබූ තනි ටෙස්ට් තරගය ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියක් වී තිබේ. මෙම ටෙස්ට් තරග දෙකම අප්‍රේල් මස අවසන් සති දෙකේදී ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ටෙස්ට් තරගයක් පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදීය. එහෙත් විවිධ හේතූන් මත එම තරගය දිනෙන් දින කල් දමන ලදි. කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරගාවලි සැකැස්ම අනුව එම තරගය පැවැත්විය යුතුම වන බැවින්, තරගය මේ වසරේ අප්‍රේල් මාසය දක්වා කල් දමනු ලැබිණ. 

අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිවීමෙන් පසුව ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගාවලිය මෙයයි. 
ශ්‍රී ලංකා සහ අයර්ලන්ත ක්‍රිකට් ආයතන දෙකේම අනුමැතිය ඇතිව එය ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියක් වී තිබේ. තරග දෙකම ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 

1 වැනි ටෙස්ට් තරගය - අප්‍රේල් 16 සිට 20 වැනිදා දක්වා
2 වැනි ටෙස්ට් තරගය - අප්‍රේල් 24 සිට 28 වැනිදා දක්වා


අදහස් (0)

අයර්ලන්තයට එරෙහිව ටෙස්ට් තරග 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.