Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයර්ලන්තය 1-1 කින් තරගාවලිය සම කරයි

අයර්ලන්තය 1-1 කින් තරගාවලිය සම කරයි

editorial - 2021 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාරක නෙදර්ලන්ත කණ්ඩායමට‍ එරෙහිව යූට්රෙක්ට්හිදී අද (4 වැනිද‍ා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ සංචාරක අයර්ලන්ත කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කිරීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉල්ක්කයක් හඹාගිය අයර්ලන්ත ක්‍රීඩකයෝ ඕවර 43 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ඩෘ බැල්බර්නි ‍නොදැවී ලකුණු 63 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය‍.

ආරම්භක පිතිකරු විලියම් පොටර්ෆීල්ඩ් ලකුණු නොළබා දැවී ගියද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පෝල් ‍ස්ටෙයාර්ලින් (52) සමග එක්ව ලකුණු 82 ක සම්බන්ධයක් ගොඩනැගූ බැල්බර්නි, ඉන් නොනැවතී තෙවැනි කඩුල්ල වෙනුවෙන් හැරී ටෙක්ටර් (නොදැවී 30) සමග එක්ව ලකුණු 67 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගිමින් අයර්ලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තයට ජොෂුවා ලිට්ල් සහ ක්‍රේග් යං ප්‍රමුඛ අයර්ලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 157 ක් පමණි. එහිදී ජොෂුවා ලකුණු 39 කට කඩුලු 4 ක්ද, ක්‍රෙග් ලකුණු 18 කට කඩුලු 4 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

නෙදර්ලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු මැක්ස් ඔඩෝව්ඩ් පන්දු 59 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 36 ක් රැස්කළ අතර බැසි ඩි’ලීඩ් සහ ස්කොට් එඩ්වඩ්ස් ලකුණු 23 බැගින් රැස්කළේ සිය ඉනිම් වලට හතරේ පහර 3 බැගින් ඇතුළත් කරමිනි.

 

නෙදර්ලන්තය - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 157
(මැක්ස් ඔඩොව්ඩ් 36, බැසි ඩි’ලීඩ් 23, ස්කොට් එඩ්වඩ්ස් 23, ලෝගන් වැන්බීක් නොදැවී 22, ජොෂුවා ලිට්ල් 39/4, ක්‍රේග් යං 18/4)


අයර්ලන්තය - ඕවර 43 කදී කඩුලු 2 ක් දැවී 158
(පෝල් ස්ටෙයාර්ලින් 52, ඇන්ඩෘ බැල්බර්නි නොදැවී 63, ‍හැරී ටෙක්ටර් නොදැවී 30)

 

-036


අදහස් (0)

අයර්ලන්තය 1-1 කින් තරගාවලිය සම කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.