Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයි.පී.එල්. සිවුදෙනාගේ වටය අද ඇරඹේ

අයි.පී.එල්. සිවුදෙනාගේ වටය අද ඇරඹේ

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ අවසන් සිවුදෙනාගේ වටයට චෙන්නායි සුපර් කිංග්ස්, මුම්බායි ඉන්දියන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

චෙන්නායි (18), මුම්බායි (16), බැංගලෝර් (16) සහ රාජස්ථාන් (16) යන කණ්ඩායම් පිළිවෙළින් අවසන් සිවුදෙනාගේ වටයට ස්ථාන හිමිකර ගත්තේය.

සිවුදෙනාගේ වටයේ පළමු තරගය ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගත් චෙන්නායි පිල සහ මුම්බායි පිල අතර මුම්බායිහිදී අද (19) පැවැත්වීමට නියමිතය. මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.

දෙවැනි තරගය තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකරගත් බැංගලෝර් පිල සහ රාජස්ථාන් පිල අතර පූනේහිදී හෙට (20) පැවැත්වේ.

මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම සහ පළමු තරගයෙන් පරාජය වූ කණ්ඩායම අතර සිවුදෙනාගේ වටයේ අවසන් තරගය මේ මස 22 වැනිදා පැවැත්වෙන අතර එම තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.

අවසන් මහ තරගය මේ මස 24 වැනිදා කොල්කටාහිදී පැවැත්වීමට නියමිතය.  

048


අදහස් (0)

අයි.පී.එල්. සිවුදෙනාගේ වටය අද ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.