Last Update  :  2025-07-12 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයිවරි කෝස්ට් ජපානය පරදවයි

අයිවරි කෝස්ට් ජපානය පරදවයි

ශනුක අරවින්ද - 2014 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ‍්‍රසීලයේ රෙසිෆි නගරයේදී ඊයේ (14 වැනිදා) පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරගයකදී අයිවර් කෝස්ට් පිල විසින් ගෝල 2-1 ක් ලෙස ජපාන කණ්ඩායම පරාජය කරන ලදි.

තරගයේ 16 වැනි විනාඩියේදී කෙයිසුකි හොණ්ඩාගේ වම් පාදයෙන් නික්මුණු පන්දුව දැළ තුළට වැදුණෙන් ජපානය ඉදිරියට පැමිණියේය. එහෙත් තරගයේ පැයකටත් වැඩි කාලයක් ගතවීමෙන් පසුව අතිරේක කී‍්‍රඩක ඩිඩියාර් ඩ්‍රොග්බා කණ්ඩායමට එක්වීමත් සමගම ප‍්‍රාණවත්වූ අයිවරි කෝස්ට් කී‍්‍රඩකයෝ විනාඩි කිහිපයක් ඇතුළත තරගය කණපිට පෙරලූහ.

අයිවරි කෝස්ට් පිල වෙනුවෙන්, විනාඩි 64 කට පසුව, විල්ෆ‍්‍රඞ් බොනී ලකුණු සමකිරීමේ ගෝලය ලබාගනීමෙන් පසු එහි සතුට මැකී යන්නටත් පෙරම ග‍්‍රැවීනියෝ දෙවැනි ගෝලය ලබාගත්තේය.

 


අදහස් (0)

අයිවරි කෝස්ට් ජපානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.