පාදයේ අබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඉවත් වූ පාකිස්තානු පිලේ වමතින් වේග පන්දුයවන ක්‍රීඩක මොහොමඞ් අමීර්ගේ ස්ථානයට තවත් වමතින් වේග පන්දුයවන ක්‍රීඩකයක් වන උස්මාන් ඛාන් කැඳවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව ඩුබායි හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර පාදයේ අස්ථියක සියුම් පිපිරීමක් නිසා මොහොමඞ් අමීර්ට එම තරගයේ දෙවැනි ඉනිමේදී පන්දුයැවීමට නොහැකි වූ අතර එක්දින තරගාවලියෙන් ඉවත් වීමටද සිදුවිය.
විසිතුන් වැනි වියේ පසුවන උස්මාන් ඛාන් පාකිස්තාන පළමු පෙළ තරගාවලියේ අවසන් වරට සහභාගි වූ තරගයකදී හබීබ් බැංකු කණ්ඩායම වෙනුවෙන් රාවල්පින්ඞ් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය. එම තරගයෙන් හබීබ් බැංකු කණ්ඩායමට ඉනිමක ජයක් හිමිවිය.
මේ වින විට පාකිස්තාන කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි20 තරග 4 කට ක්‍රීඩා කර ඇති උස්මාන් එහිදී බිඳහෙළා ඇත්තේ එක් කඩුල්ලක් පමණි. 2013 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී ජාත්‍යන්තර වරම් දිනාගත් උස්මාන්ට, ඉකුත් සැප්තැම්බර් මස ලෝක කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය දක්වාම පාකිස්තාන කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවීය.
මේ වසරේ පැවැති පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේදී කරච්චි කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ උස්මාන් එහිදී කඩුලු 6 ක් දවාගැනීමට සමත් වූ අතර දේශීය එක්දින තරගවලදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 30 කි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.