‘යැක් ඇටෑක් - රම්බල් ඉන් ද ජංගල්’ ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගයේ දෙවැනි අදියර ජය ගැනීමට පළමු අදියරේ ජයග‍්‍රාහකයා වූ ස්පාඤ්ඤයේ ඉස්මයිල් වෙන්ටුරා සමත්විය. ඒ සඳහා ඔහුට පැය 3:14.33 ක කාලයක් ගතවිය.
පළමු අදියරෙදී අන්තර් ජාතික මට්ටමේ කී‍්‍රඩකයන් සමග කරට කර තරගයක නිරත වෙමින් එහි 8 වැනියා සහ 9 වැනියා ලෙස තරගය නිමා කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අමල් සුරංග සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සුමේධ වර්ණකුලසූරිය දෙවැනි අදියරේදීද තම ස්ථාන රැකගැනීමට සමත් වූහ.
ගුවන් හමුදාවේ අමල් සුරංග, පැය 4:32.54 ක කාලයකින් දෙවැනි අදියර නිමා කරමින් 8 වැනි ස්ථානයට පත් වූ අතර යුද හමුදාවේ සුමේධ වර්ණකුලසූරිය, පැය 4:32.54 ක කාලයකින් දෙවැනි අදියර නිමා කරමින් 9 වැනි ස්ථානයට පත්විය.
දෙවැනි අදියරේ දෙවැනි ස්ථානය පැය 3:23.16 කින් තරගය නිමා කළ කැනඩාවේ කෝරි වෙලන්ස්ට හිමිවූ අතර පැය 3:26.14 කින් තරගය නිමා කළ නේපාලයේ ඒ. පී. චීත‍්‍රී එහි තෙවැනි ස්ථානයට පත්විය.
කෝරි වෙලන්ස් පළමු අදියරේ සිව්වැනියා ලෙස තරගය නිමා කළ අතර ඒ. පී. චීත‍්‍රී පළමු අදියර නිමා කළේද තෙවැනියා ලෙසය.
තරගාවලියේ පළමු අදියර සඳහා ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, ප‍්‍රංශය, හංගේරියාව, ඉන්දියාව, ඉතාලිය, ජපානය, නේපාලය, නෙදර්ලන්තය, පෝලන්තය, ස්පාඤ්ඤය, ස්වීඩනය, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 47 දෙනෙක් සහභාගී වූහ.
හපුතලේ සිට කලූපහන දක්වා කිලෝ මීටර 80 ක දුරකින් සමන්විත වූ තරගයේ දෙවැනි අදියර ඊයේ (20 වැනිදා) නිමාවට පත්විය. තරගාවලිය අදියර 3 කින් සමන්විත වන අතර 22 වැනිදා මහනුවරින් අවසන් වීමට නියමිතය.
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ‍්‍රී ලංකන් හොලිඬේස් සහ ලංකා ස්පෝට්ර්ස් රයිසන් සංචාරක නියෝජිත ආයතනය එක්ව තරගාවලිය සංවිධානය කරයි.
පළමු අදියරේ ප‍්‍රතිඵල (පිරිමි)
1 ඉස්මයිල් වෙන්ටුරා (ස්පාඤ්ඤය) - පැය 3:14.33
2 කෝරි වෙලන්ස් (කැනඩාව) - පැය 3:23.16
3 ඒ. පී. චීත‍්‍රී (නේපාලය) - පැය 3:26.14
4 යූකි ඉකඬේ (ජපානය) - පැය 3:30.23
5 භයිර් දාබි‍්‍ර (ඉන්දියාව) - පැය 4:20.05
පළමු දස දෙනා අතර සිටි ශ්‍රී ලාංකිකයෝ
8 අමල් සුරංග (ගුවන් හමුදාව) - පැය 4:32.54
9 සුමේධ වර්ණකුලසූරිය (යුද හමුදාව) - පැය 4:32.54
පළමු අදියරේ ප‍්‍රතිඵල (කාන්තා)
1 සෝනියා කොනරි (ඇමරිකා එක්සත් ජනපදය) - පැය 4:05.03
2 කර්ස්ටන් කොග්ලර් (ජර්මනිය) - පැය 4:40.00
3 මේරියන් සැන්ගි (ස්විට්සර්ලන්තය) - පැය 4:43.01
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.