Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අනූෂා - දිනිඳු ජයග්‍රහණ ලබති

අනූෂා - දිනිඳු ජයග්‍රහණ ලබති

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක් වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය වන අද (8 වැනිදා) පැවති බොක්සිං ඉසව්වකදී කිලෝ ග්‍රෑම් 45 - 48 (කාන්තා) බර පංතියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු සමත් වූවාය.

අද පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී සයිමන් දූපත්හි බ්‍රැන්ඞ් බර්න්ස් පරාජය කරමින් අනූෂා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තාය.

වට 3 කින් සමන්විත වූ එම තරගය විනාඩි 9 ක් පුරා පැවැත්වීමට නියමිතව තිබුණද අනුෂාගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය හමුවේ විනාඩි 2 තත්පර 59 ක් අවසානයේ තරගය නතර කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

අනූෂා සහභාගී වන අවසන් පූර්ව තරගය ඔලිම්පික් ලෝකඩ පදක්ම්ලාභී ඉන්දීයාවේ මේරි කෝම්ට එරෙහිව ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිතය. මේරි කෝම් කිලෝ ග්‍රෑම්  45 - 48 යන බර පංතිවල ලෝක ශූරතා රන් පදක්කම සහ ආසියානු රන් පදක්කම පස් වරක් බැගින් දිනාගත් ක්‍රීඩිකාවකි.

අද පැවැති කිලෝ ග්‍රෑම් 64 (පිරිමි) බර පංතියේ මූලික වටයේ තරගයකදී නවසීලන්තයේ රිචඞ් හැඞ්ලෝ පරාජය කරමින් එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට දිනිඳු සපරමාදු සමත් විය.

රිචඞ් සහ දිනිඳු අතර පැවැති මූලික වටයේ තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තද, අවසානයේ විනිසුරුවන් 5 දෙනාගෙන් සිවුදෙනෙකුගේම වැඩි ලකුණු දිනිඳුට හිමිවිය.

ලබන 10 වැනිදා පැවැත්වෙන තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී නැමීබියාවේ ජොනාස් ජෝනස්ට එරෙහිව දිනිඳු තරග බිමට පිවිසීමට නියමිතය.

 

- 036


අදහස් (0)

අනූෂා - දිනිඳු ජයග්‍රහණ ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.