Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අනුෂ්කා - ඉනෝෂි කාන්තා ක‍්‍රිකට් පිලට එති

අනුෂ්කා - ඉනෝෂි කාන්තා ක‍්‍රිකට් පිලට එති

ශනුක අරවින්ද - 2014 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරියාවේ ඉංචියෝන්හිදී ලබන සැප්තැම්බර් මස 14 වැනිදා සිට ඔක්තෝම්බර් මස 4 වැනිදා දක්වා පැවැත්වෙන 27 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ විස්සයි20 කාන්තා ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලට නවක ක‍්‍රීඩිකාවන් වන අනුෂ්කා සංජීවනි සහ ඉනෝෂි ප‍්‍රනාන්දු ඇතුළත්ව සිටිති.

බංග්ලාදේශයේදී පැවැති විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වූ ක‍්‍රීඩිකාවන් සිවුදෙනකු මෙම සංචිතයට ඇතුළත්ව නැති අතර ඒ අතරින් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකාවන් වන දීපිකා රසාංගිකා සහ  ඕෂදී රණසිංහට ස්ථාන අහිමිවීම කැපී පෙනේ.

ගුවන් හමුදා පිල නියෝජනය කරන කඩුලූ රකින ක‍්‍රීඩිකාවක් වන අනුෂ්කා සංජීවනී දක්‍ෂ පිතිකාරිනියකි. ගුවන් හමුදා පිල නියෝජනය කරන ඉනෝෂි ප‍්‍රනාන්දු පිට දඟ පන්දු යවන්නියකි.

මෙම තරගාවලියට ප‍්‍රබල කණ්ඩායමක් වන ඉන්දියාව සහභාගි නොවන බව වාර්තා වන අතර පාකිස්තානය සහ බංග්ලාදේශය සහභාගි වීමට නියමිතය.  

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම:
චමරි අතපත්තු (නායිකා), උදේෂිකා ප‍්‍රබෝදනී (උප නායිකා), යශෝධා මෙන්ඩිස්, ලසන්ති මධුෂානි, ඒෂානි ලොකුසූරිය, ඩිලානි මනෝදර, චමරි පොල්ගම්පොළ, ශ්‍රීපාලි වීරක්කොඩි, ශෂිකලා සිරිවර්ධන, මධුරි සමුදිකා, ඉනෝකා රණවීර, අනුෂ්කා සංජීවනී, නිලක්‍ෂි සිල්වා, චන්දිමාල් ගුණරත්න, ඉනෝෂි ප‍්‍රනාන්දු

අතිරේක ක‍්‍රීඩිකාවෝ:  ඕෂදී රණසිංහ, දීපිකා රසාංගිකා, අමා කාංචනා සහ නිපුනි හංසිකා

 


අදහස් (0)

අනුෂ්කා - ඉනෝෂි කාන්තා ක‍්‍රිකට් පිලට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.