Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී දෙහිවල එස්.ද.එස් ජයසිංහ විදුහලට එරෙහිව ඉනිමක සහ ලකුණු 84 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විදුහල සමත්විය. මෙම තරගය දෙහිවල එස්.ද.එස් ජයසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
ශා. ජෝසප් විදුහලේ දිනාල් අනුරාධ (නොදැවී 125) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර නුවිණු තිවන්ක ලකුණු 41 කට කඩුලු 9 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූයේය.
එස්.ද.එස් ජයසිංහ විදුහල - පළමු ඉනිම - ඕවර 26.2 කදී සියලුදෙනා දැවී 77
(නිදුල් දුලන්ත 23, නුවිණු තිවන්ක 29/5, ශෙනුක ද සිල්වා 08/3, යෙසිත් රූපසිංහ 16/2)
ශා. ජෝසප් විදුහල - පළමු ඉනිම - ඕවර 31 කදී කඩුලු 2 ක් දැවී 201
(දිනාල් අනුරාධ නොදැවී 125, සදීෂ් ජයවර්ධන 51)
එස්.ද.එස් ජයසිංහ විදුහල - දෙවන ඉනිම - ඕවර 17.3 කදී සියලුදෙනා දැවී 40
(නුවිණු තිවන්ක 12/4, ජොයෙල් ගුණතිලක 14/3, ශෙනුක ද සිල්වා 09/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.