Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික පාපන්දු සම්මෙලනයේ ඵලදායි වර්ධන වැඩසටහනට අනුබද්ධව, ආසියානු පාපන්දු සම්මේලනය විසින් මෙහෙයවනු ලබන ‘කික්ස් ඕෆ්’ නම් පාපන්දු වැඩමුළුවක් මේ මස 07 වැනිදා සිට 13 වැනිදා දක්වා පාපන්දු සම්මේලන නිවසේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පාපන්දු කී‍්‍රඩාවේ තත්ත්වය ඉහළ නැංවීම සහ වඩාත් ඵලාදායි යහ පාළනයක් ඇති කිරීමත් කළමනාකරණ උපාය මාර්ග ක‍්‍රමවත්ව හැසිරවීමත් මෙම වැඩමුළුවේ ප‍්‍රධාන අරමුණු වේ.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සමුළුවේ නිිලධාරීහු කිහිපදෙනෙක්ද මෙම වැඩමුළුවට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණ සිටිති.
ඉදිරිපෙළ වමේ සිට දකුණට
කයිටා සුගිහාරා මහතා (ආසියානු පාපන්දු සම්මේලනයේ සංවර්ධන ප‍්‍රදානී), පෙඞ්රියස් ගුලිමන්ට් මහතා (පාපන්දු ඵලදායිතාව වැඩියුණු කිරීමේ ජේෂ්ඨ කළමනාකරු), රංජිත් රුද්‍රිගූ මහතා (ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති), සාජී ප‍්‍රබාකරන් මහතා (දකුණු හා මධ්‍යම ආසියානු කලාපයේ සංවර්ධන නිලධාරී), බ‍්‍රැන්ඩන් මෙන්ටන් මහතා (ලෝක පාපන්දු සම්මේලනයේ ඵලදායිතා වර්ධන උපදේශක)
පසුපෙළ වමේ සිට දකුණට
උපාලි හේවගේ මහතා (ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ ප‍්‍රධාන ලේකම්), ස්ටුවට් ලාමන් මහතා (පාපන්දු සම්මේලන යටිතල පහසුකම් සහ පහසුකම් පිළිබඳ කළමනාකරු), වින්සන්ට් සුබ‍්‍රමනියම් මහතා (තාක්ෂණික සංවර්ධන නිලධාරී), යෝගේෂ් දේසායි මහතා (ආසියානු පාපන්දු සම්මේලනයේ සංවර්ධක පරිපාලක), අනුර ද සිල්වා මහතා (ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ මෙහෙයුම් අධ්‍යක්ෂක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.