Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර්ජාතික බොක්සිං තරගාවලියක් කොළඹදී

අන්තර්ජාතික බොක්සිං තරගාවලියක් කොළඹදී

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුරෝපීය රටක් වන බෙල්ජියමත්, අග්නිදිග ආසියානු රටවල් කිහිපයකුත් සමගින් රටවල් 10 ක් සහභාගි වන බොක්සිං තරගාවලියක් සඳහා සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සූදානම් වෙයි. ශී‍්‍ර ලංකාවේ මෙවන් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියක් පැවත්වෙන්නේ වසර 47 කට පසුවය.
 
තරගාවලිය මේ මස 28 වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය මැයි 02 දා අවසන් වීමට නියමිතය.

තරගාවලිය සඳහා  ඕස්ටේ‍්‍රලියාව, දකුණු කොරියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, හොංකොං, ඉන්දුනීසියාව, බෙල්ජියම සහ චීන තායිපේ වැනි රටවල් නියෝජනය කරමින් තරගකරුවෝ සහ තරගකාරියෝ 78 දෙනෙක් සහභාගි වීමට නියමිතය.

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමයේ හිටපු සභාපති ඩයස් ගෝමස් මහතාගේ අනුශාසනා සහ උපදෙස් පරිදි සංවිධානය කෙරෙන මෙම තරගාවලියේ අරමුණ වන්නේ මේ වසරේදී ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල සඳහා සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමට වඩාත් හොඳ පුහුණුවක් සහ ජාත්‍යන්තර තරග අත්දැකීමක් ලබා දීමයි.

මෙම තරගාවලියේදී බර පන්ති 7 ක් සඳහා පිරිමි තරග පැවැත්වෙන අතර බර පංති 3 ක් සඳහා කාන්තා තරග පැවැත්වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මංජු වන්නිආරච්චි, අනුරුද්ධ රත්නායක, අනූෂා කොඩිතුවක්කු වැනි ප‍්‍රබල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැසක් මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය.

 


අදහස් (0)

අන්තර්ජාතික බොක්සිං තරගාවලියක් කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.