Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් සමාජ විස්සයි-20 තරග හෙට සිට යළිත්

අන්තර් සමාජ විස්සයි-20 තරග හෙට සිට යළිත්

editorial - 2025 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සෙසු තරග හෙට (5 වැනිදා) සිට යළිත් ආරම්භ කෙරෙනු ඇත. ඒ අනුව හෙට දිනයේදී සී.සී.සී., කෝල්ට්ස් සහ පී. සරවනමුත්තු යන ක්‍රීඩාංගණ 3 දී තරග 6 ක් පැවැත්වීමට නියමිතය. 

මැයි මස අග භාගයේදී දිගින් දිගටම ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් මෙම තරගාවලිය දින නොමැතිව කල් දැමීමට සංවිධායකයෝ පියවර ගත්හ. ඒ වන විට මූලික වටයේ තරග 24 ක් පවත්වා අවසන්ව තිබූ අතර ඉන් තරග 9 ක්ම වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබිණ. 

ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිව කුරුණෑගල යොවුන් කණ්ඩායමද, බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව බී.ආර්.සී. කණ්ඩායමද, පානදුර කණ්ඩායමට එරෙහිව බදුරලිය කණ්ඩායමද, ද්‍රවිඩ සංගම් කණ්ඩායමට එරෙහිව නුගේගොඩ කණ්ඩායමද, එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව මුවර්ස් කණ්ඩායමද, හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව පොලිස් කණ්ඩායමද හෙට දිනයේදී තරග වදිනු ඇත. 

එම තරගය 6 ද ඇතුළත්ව තරගාවලියේ මූලික වටය යටතේ තවත් තරග 18 ක් පැවැත්වීමට ඉතිරිව ඇති අතර ඉන් තරග 6 බැගින් හෙට, අනිද්දා (6 වැනිදා) සහ 7 වැනිදා යන දිනවලදී පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ. 

කණ්ඩායම් 6 බැගින් වූ ‘ඒ’ සහ ‘බී’ යන කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය මෙම මස 11 වැනිදා පැවැත්වෙන අතර අවසන් පූර්ව වටය 12 වැනිදා පැවැත්වීමට නියමිතය. අවසන් මහ තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ 15 වැනිදාය. 

අර්ධ අවසන් පූර්ව තරග 2 ක් පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඉතිරි අර්ධ අවසන් පූර්ව තරග 2 මෙන්ම අවසන් පූර්ව තරග සහ අවසන් මහ තරගයද පැවැත්වීමට නියමිතව ඇත්තේ සී.සී.සී. ක්‍රීඩාංගණයේදීය. අවසන් මහ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් ඒ සඳහා අතිරේක දිනයක්ද වෙන්කර තිබේ. 


අර්ධ අවසන් පූර්ව වටය 

11 වැනිදා - 9.45 සිට 12.55 දක්වා - පළමු තරගය (‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා සහ ‘බී’ කාණ්ඩයේ සිවුවැනියා අතර) - පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී 

11 වැනිදා - 2.00 සිට 5.10 දක්වා - දෙවැනි තරගය (‘බී’ කාණ්ඩයේ පළමු වැනියා සහ ‘ඒ’ කාණ්ඩයේ සිවුවැනියා අතර) - පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී 

11 වැනිදා - 9.45 සිට 12.55 දක්වා - තෙවැනි තරගය (‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා සහ ‘බී’ කාණ්ඩයේ තෙවැනියා අතර) - සී.සී.සී. ක්‍රීඩාංගණයේදී 

11 වැනිදා - 2.00 සිට 5.10 දක්වා - සිවුවැනි තරගය (‘බී’ කාණ්ඩයේ දෙවැනියා සහ ‘ඒ’ කාණ්ඩයේ තෙවැනියා අතර) - සී.සී.සී. ක්‍රීඩාංගණයේදී 


අවසන් පූර්ව වටය 
13 වැනිදා - 9.45 සිට 12.55 දක්වා - පළමු තරගය (පළමු සහ සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගවල ජයග්‍රාහකයන් අතර) - සී.සී.සී. ක්‍රීඩාංගණයේදී 

13 වැනිදා - 2.00 සිට 5.10 දක්වා - දෙවැනි තරගය (දෙවැනි සහ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගවල ජයග්‍රාහකයන් අතර) - සී.සී.සී. ක්‍රීඩාංගණයේදී 

 

අවසන් මහ තරගය 
15 වැනිදා - 2.00 සිට 5.10 දක්වා - අවසන් මහ තරගය (පළමු සහ දෙවැනි අවසන් පූර්ව තරගවල ජයග්‍රාහකයන් අතර) - සී.සී.සී. ක්‍රීඩාංගණයේදී 

16 වැනිදා - අතිරේක දිනය 


අදහස් (0)

අන්තර් සමාජ විස්සයි-20 තරග හෙට සිට යළිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.