Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් සමාගම් දැල්පන්දු තරග 26 දා

අන්තර් සමාගම් දැල්පන්දු තරග 26 දා

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පෙළේ සමාගම් රැසක් තරග වදින අන්තර් සමාගම් දැල්පන්දු තරගාවලිය මේ මස 26 වැනිදා දවස පුරා කොළඹ ශාන්ත ජෝශප් විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.  

ශී‍්‍ර ලංකාවේ දැල්පන්දු කී‍්‍රඩාවට නව මුහුණුවරක් දෙමින් ස්පෝර්ට්ස්ලයින් මාකටින් පෞද්ගලික සමාගම හදුන්වාදුන් විශේෂිතවූ තරග සැලස්මක් යටතේ මෙම තරගාවලිය 2006 වසරේ දී මුලින්ම පවත්වනු ලැබිණ. ශී‍්‍ර ලංකා දැල්පන්දු  සම්මේලනයේ සහ වෙළඳසේවා දැල්පන්දු සංගමයේ අධීක්‍ෂණය මත පැවැත්වෙන මෙම තරගාවලියේ තාක්‍ෂණික කටයුතු හා තරග මෙහෙයවනු ලබන්නේ කෝට්ටේ දැල්පන්දු විද්‍යායතනය මගිනි.  

මෙවර කාන්තා තරගාවලිය I හා II ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර මිශ‍්‍ර අංශයෙන්ද තරගාවලියක් ඊට එක්කර තිබේ. I කොටසේ් කණ්ඩායම් 10 හා II වැනි කොටසේ කණ්ඩායම් 11 බැගින් කණ්ඩායම් 21 ක් ඒ, බී, සී, හා ඞී ලෙස කාණ්ඩ හකරකින් තරගවදින අතර මිශ‍්‍ර අංශයෙන් තරගාවලියට එක්වන සිටින කණ්ඩායම් ගණන 8 කි. එම කණ්ඩායම් 8 කාණ්ඩ 2 කින් තරග වැදීමට නියමිතය.

ස්පෝර්ට්ස්ලයින් මාකටින් පෞද්ගලික සමාගමේ සංවිධානයෙන් පස් වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලයේදී මුලික, අර්ධ අවසන් පූර්ව, අවසන් පූර්ව හා අවසන් තරග වට වලදී කණ්ඩායම් වලට එක් තරග වටයක් තමන්ගේ ‘සුපිරි තරග අදියර’ ලෙස නම් කිරීමට ඉඩ ලැබෙන අතර එම තරග වටයේදී ඔවුන් ලබාගන්නා ලකුණු (ගෝල) දෙගුණවේ.


කාන්තා කණ්ඩායම් (I වැනි කොටස) -
හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, සෙලාන් බැංකුව, සිලොන් බිස්කට්ස් සමාගම, ඬේවිඞ් පීරිස් මෝටර් සමාගම, නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව, හොංකොං බැංකුව, ආසිරි රෝහල් සමූහය, මහජන බැංකුව

කාන්තා කණ්ඩායම් (I වැනි කොටස) -
එන්. ඞී. බී. බැංකුව, බ‍්‍රැන්ඩික්ස්, හේලීස්, ඒට්කන් ස්පෙන්ස්, එල්. බී. ෆිනෑන්ස්, එක්ස්පෝ හෝල්ඩින්ස්, ඩයලොග් ආසියාටා, මාස් යුනිචෙලා, සිටිසන් ඩිවෙලොප්මන්ට්, අමායා ලේක්, කොමර්ෂල් ක්‍රෙඩිට්

මිශ‍්‍ර කණ්ඩායම් -
ඞී. එෆ්. සී. සී බැංකුව, ඬේවිඞ් පීරිස් මෝටර් සමාගම, නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව, සිටිසන් ඩිවෙලොප්මන්ට්, ඩයලොග් ආසියාටා, හේලීස්, එන්. ඞී. බී. බැංකුව, එන්. ඞී. බී. බැංකුව, එල්. බී. ෆිනෑන්ස්


- 036

 


අදහස් (0)

අන්තර් සමාගම් දැල්පන්දු තරග 26 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.