Last Update  :  2024-05-20 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් පළාත් පාපන්දු අවසන් පූර්ව වටය 25 දා සිට

අන්තර් පළාත් පාපන්දු අවසන් පූර්ව වටය 25 දා සිට

editorial - 2022 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අන්තර් පළාත් නිදහස් කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන සිකුරාදා (25) සිට පැවැත්වේ. මෙම අවසන් පූර්ව තරග වටයේ විශේෂත්වය වන්නේ ඊට තරග හතරක් අන්තර්ගතවීමය.

සබරගමුව, උතුර, නැගෙනහිර හා දකුණ සහ කණ්ඩායම් හතර මූලික වටයේ වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගැනීමේ පදනම මත අවසන් පූර්ව වටය තෝරා ගෙන තිබේ.

ඒ සඳහා නිර්දේශ වූ පළාත් කණ්ඩායම් හතරටම අවසන් පූර්ව තරග සත්කාරය ප්‍රදානය කර තිබේ. ඒ අනුව පළාත් හතරටම අයත් වන ක්‍රීඩාංගණ හතරක දී අවසන් පූර්ව තරග මාලාව පවත්වා ලබන මාර්තු 5 වැනිදා පැවැත්වීමට නියමිත තරගාවලියේ අවසන් මහ තරගය සඳහා හොඳම කණ්ඩායම් දෙක තෝරා ගැනෙයි.

එහිදී අවසන් පූර්ව වටයේ සමස්ත තරග ප්‍රතිඵලය සමවීම මත අවසන් මහ තරගයට කණ්ඩායම් දෙක නිර්දේශ කර ගැනීම අපහසු වන්නේ නම් වැඩිම ගෝල ගණනක් රැස්කර තිබෙන කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට නිර්දේශ කෙරේ. එයද සම වන්නේ නම් ප්‍රතිවාදීන්ට එරෙහිව අවම ගෝල ගණනක් ලබා ගැනීමේ පදනම මත ඒ සඳහා කණ්ඩායම් දෙක තෝරා ගැනේ.

ලබන සිකුරාදා (25) පස්වරු 3.30 ට ගාල්ල ජාතික පාපන්දු පුහුණු මධ්‍යස්ථාන පිටියේ දී සබරගමුව කණ්ඩායම් හා දකුණු කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වේ.

උතුර කණ්ඩායම හා නැගෙනහිර කණ්ඩායම අතර දෙවැනි අවසන් පූර්ව තරගය යාපනය දුරෙඅප්පා පිටියේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන සෙනසුරාදා (26) පස්වරු 3.30 ටය.

මූලික වටයේ දී වැඩිම ප්‍රසාද ලකුණු ලාභීන් වූ සිව් දෙනා අතරේ මෙම අවසන් පූර්ව වටය පැවැත් වේ.  

පසුර් රහුමාන් මහතා ප්‍රධාන පුහුණුකරු ධුරය දරන සබරගමුව කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව තරග මාලාවට ඉහළින්ම සුදුසුකම් ලැබීය. ඒ අපරාජිතව මූලික වටයේ දී තරග පහක් ජයගෙන ඉතිරි තරග ජය පරාජයෙන් තොරව අවසන් කරමිනි.

උතුර, නැගෙනහිර හා දකුණු යන කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් දෙවැනි, තෙවැනි හා සිව්වැනි ස්ථාන ලබමින් අවසන් පූර්ව තරග වටයට නිර්දේශ ලබා ගත්හ.  කෙසේ වුවත් හිටපු ජාතික පාපන්දු පුහුණුකරු රූමී ෆකිර් අලි මහතා මෙහෙවූ මධ්‍යම පළාත් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානය දක්වා පහළට වැටුණේ එකම තරගයක පමණක් ජය හිමිකර ගැනීමෙනි.

මේ අතර වැඩිම ජාතික මට්ටමේ යොවුන් හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නියෝජනය කළ ජාතික සහය පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සේවය ලබා දුන් සුමිත් වල්පොල මහතා ප්‍රධාන පුහුණුකරු ධුරය ද දැරූ බස්නාහිර පළාත් කණ්ඩායමට ප්‍රසාද ලකුණු තුනක් (3) අඩුවීමෙන් අවසන් පූර්ව වටයේ අවස්ථාව ගිලිහී ගියේය.

කෙසේ වුවත් ප්‍රතිවාදීන්ට එරෙහිව මූලික වටයේ තරග පෙළේදී වැඩිම ගෝල ගණනක් (12) රැස් කිරීමට බස්නාහිර කණ්ඩායම සමත් විය.

අවසන් පූර්ව වටයට පිවිසි දකුණු කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු වන්නේ චිරන්ත කුමර මහතාය. තරගාවලියේ දී සුවිශේෂ දක්‍ෂතා දැක්වූ උතුරු කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රත්නම් ජස්ටින් මහතාය.

මාර්තු 5 වැනිදා පැවැත්වීමට අපේක්‍ෂිත අවසන් මහ තරගය පැවැත්වෙන ස්ථානය තීරණය කරන්නේ ඒ සඳහා කණ්ඩායම දෙක නිර්දේශවීමෙන් පසුවය.


මූලික වටයේ නිමාවට පත් කරමින් පැවැති තරග ප්‍රතිඵල

* සබරගමුව පිල විසින් මධ්‍යම පිල පරාජය කරන ලදී (2–0)
* නැගෙනහිර පිල විසින් බස්නාහිර පිල පරාජය කරන ලදී (3-0)
* උතුර පිල හා රජරට පිල අතර තරගය සම විය (2-2)
* දකුණ පිල විසින් ඌව පිල පරාජය කරන ලදී (3-1)
* වයඹ පිල විසින් මධ්‍යම පිල පරාජය කරන ලදී (3-0)
* බස්නාහිර පිල හා උතුර පිල අතර තරගය සම විය (1-1)
* දකුණ පිල හා නැගෙනහිර පිල අතර තරග ජය පැරදුමෙන් තොරයි (0-0)
* සබරගමු පිල විසින් ඌව පිල පරාජය කරන ලදී (2-1)


අදහස් (0)

අන්තර් පළාත් පාපන්දු අවසන් පූර්ව වටය 25 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.