Last Update  :  2025-12-23 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් පළාත් එක්දින තරග මැයි 2 දා සිට

අන්තර් පළාත් එක්දින තරග මැයි 2 දා සිට

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල යන කණ්ඩායම් හතරේ සහභාගීත්වයෙන් මැයි මස 2 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා ක්‍රීඩාංගණ 3 කදී පැවැත්වේ. ආර්.ප්‍රේමදාස, පී.සරවනමුත්තු සහ සී.සී.සී යන ක්‍රීඩාංගණය වලදී තරග පැවැත්වීමට නියමිතව ඇත.

එක් එක් කණ්ඩායම සිය ප්‍රතිවාදී කණ්ඩායම් තුන සමගින් තරග දෙක බැගින් ක්‍රීඩා කළ යුතු අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් තරගයේදී යළි මුණ ගැසෙනු ඇත.

මැයි මස 2, 5 සහ 7 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග තුනත් මැයි මස 11, 14 සහ 17 වැනිදා පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග තුනත් රූපවාහිනී සජීවි විකාශයන් ලෙස ප්‍රේක්‍ෂකයින්ට නැරඹීමට පහසුකම් සපයා ඇත.

අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය මැයි මස 20 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රූපවාහිනී සජීවි විකාශයක් සමගින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

 

 


අදහස් (0)

අන්තර් පළාත් එක්දින තරග මැයි 2 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.