Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අත්පන්දු ශූරතාව ගුවන් හමුදාවට

අත්පන්දු ශූරතාව ගුවන් හමුදාවට

ශනුක අරවින්ද - 2014 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප‍්‍රථම වරට සංවිධානය කරන ලද ආරක්‍ෂක සේවා අත් පන්දු තරගාවලියේ කාන්තා සහ පිරිමි ශූරතා දිනා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම් සමත් වූහ. තියුණු මුහුණුවරක් ගත් පිරිමි අවසන් මහා තරගයේදී යුද හමුදා කණ්ඩායම පරදා ලකුණු 28-27 ක් ලෙස තියුණු ජයක් ලබමින් ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පසුගියදා පැවැති මෙම තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී නාවික හමුදා කණ්ඩායම ලකුණු 30-25 ක් ලෙස පරදා අවසන් මහා තරගට පිවිසීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

කාන්තා අවසන් මහා තරගයේදී යුද හමුදා කණ්ඩායම ලකුණු 15-07 ක් ලෙස පරදා ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම තරගාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදා අධ්‍යක්‍ෂ (සේවා හා මිලදී ගැනීම්) රියාර් අද්මිරාල් එස්. දිසානායක මහතා සහභාගි විය.

 


අදහස් (0)

අත්පන්දු ශූරතාව ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.