Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අජ්වඩ් හශීම් අනුස්මරණ ස්නුකර් ශූරතාව ෆාසිල්ට

අජ්වඩ් හශීම් අනුස්මරණ ස්නුකර් ශූරතාව ෆාසිල්ට

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අජ්වඞ් හශීම් අනුස්මරණ රෙඞ් ස්නුකර් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කිව් කැෆේ ක්‍රීඩා සමාජයේ එම්.එෆ්.එම්. ෆාසිල් සමත් විය. ඒ මොටර් රථ ධාවකයන්ගේ සංගම් ගෘහස්ථ බිලියඞ් සංකීර්ණයේදී අද (7 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී තරග වට 5-4 ලෙස මුවර්ස් ක්‍රීඩා සමාජයේ ආශික් හුසේන් පරාජයට පත් කරමිනි.

2016 වසරේදී ජාතික ස්නුකර් ශූරයා බවට පත් වූ ෆාසිල්, 2017 වසරේදී අනු ශූරතාව හිමිකර ගැනීමටද සමත් විය.

මෙවර තරගමාලාවේ තෙවැනි ස්ථානය දිනාගනු ලැබුවේ ඔටර්ස් ක්‍රීඩා සමාජයේ අනුරුද්ධ හික්ගොඩ විසිනි. ඒ තරග වට 2-0 ලෙස බෑන්ඞ් ස්ටාර් ක්‍රීඩා සමාජය එම්.ඩී.ආර්. ජයසිංහ පාරාජයට පත් කරමිනි.

ක්‍රීඩකයන් 134 දෙනෙක් සහභාගි වූ මෙම තරගාවලියේ අනුග්‍රාහකයා ලෙස මල්ෂිප් සමුහ ව්‍යාපාරය කටයුතු කළේය. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය මේ මස 21 වැනිදා කාන්තා අන්තර්ජාතික ක්‍රීඩා සංගම් ශාලාවේදී පැවැත්වේ.


අවසන් මහ තරග
එම්.එෆ්.එම්. ෆාසිල් (කිව් කැෆේ ක්‍රීඩා සමාජය) විසින් තරග වට 5-4 ක් ලෙස ආශික් හුසේන් (මුවර්ස් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.

 

- 092

 


අදහස් (0)

අජ්වඩ් හශීම් අනුස්මරණ ස්නුකර් ශූරතාව ෆාසිල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.